shermila-rajapaksa

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ආයතනික ගැටලු සම්බන්ධ විවිධ ආරංචි පළ විය. ඇයට නිදහසේ වැඩකටයුතු කරගන්නට ඉඩ නොතබා ආයතනයේ බලවේගයක් ක්‍රියාත්මක වන බවට ඇය වරින්වර අදහස් දක්වා තිබුණි.


මේ අතර ඊයේ ඇය ප්‍රවෘත්තිසාකච්ඡාවක් පවත්වා දන්වා සිටියේ ජනමාධ්‍යවලින් තමනට සහාය දෙන්නේ තමන්ගේ ‘පොත්ත සුදු නිසා බවට‘ විෂය භාර අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රසිද්ධියේ පවසා ඇති බවයි.

රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.
කාන්තාවක ලෙස මෙවැනිතත්වයක් උදාවීම ගැන කණගාටුවන  බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළාය.