කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29දා) දිනය තුළදී ඒකක 494.74ක පහළ යාමක් හෙවත්, පෙර දිනයට සාපේක්ෂව 4.88%ක කඩා වැටීමක් පෙන්වමින් ගනුදෙනු දිනය අවසානයේදී ඒකක 9,647.55ක් ලෙස සටහන් විය. ඒ අනුව, මෙය පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනි දිනෙන් පසු
සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000ක සීමාවෙන් පසුපසට පැමිණි පළමු වැනි අවස්ථාවද වෙයි. මේ අතර S " P ශ්රී ලංකා 20 දර්ශකය ඒකක 167.12ක පහළ යෑමක් වාර්තා කරමින්, ගනුදෙනු දිනය අවසානයේදී ඒකක 3,338.03ක් ලෙස සටහන් විය.
විශේෂයෙන්ම S " P ශ්රී ලංකා 20 දර්ශකය පෙර දිනයට වඩා 05%ක ප්රමාණයකින් කඩා වැටුණු බැවින්, දිනයේ ගනුදෙනු අතරවාරයේදී ඊයේ ප.ව. 1.10 සිට 1.40 දක්වා මිනිත්තු 30ක කාලයක් සඳහා තාවකාලිකව ගනුදෙනු අහිටුවීමක්ද සිදු විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.70ක් ලෙස වාර්තා විය. එමෙන්ම සමස්ත වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය රුපියල් බිලියන 4,166.02ක් ලෙස දැක්වුණු අතර, ගෙවුණු සතිය අවසානයේ (25දා) එය දැක්වුණේ රුපියල් බිලියන 4,552.70ක් ලෙසිනි. ඒ අනුව ගෙවුණු දින දෙක (28 සහ 29) තුළදී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළට රුපියල් බිලියන 386.67ක් අහිමි වී තිබේ.
0 Comments