thalathuoya-incident

තලාතුඔය පොලිස් වසමට අයත් පෙදෙසක තම නිවෙසේ සිට වෙළෙඳසලක් වෙත යමින් සිටි 16 හැවිරිදි දැරියක හඳුනන බව පවසා ඇය යතුරුපැදියක නංවා ගෙන ගොස් රුපියල් 30,000 මුදලකට වෙනත් පුද්ගලයකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක මග පෙන්චින්නකු ඊයේ (14 වැනිදා) අත්අඩංගුවට ගත් බව තාලාතුඔය පොලිසිය කියයි.

එම දැරිය රුපියල් තිස්දාහක මුදලකට ලබාගත් බව කියන මහනුවර මැණික්දිවෙල ප්‍රදේශයේ 38 හැවිරිදි ගායකයකු යයි කියාගන්නා පුද්ගලයා මේ වනවිට රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

සංචාරක මග පෙන්වන්නා පොලීසියට පවසා ඇත්තේ මෙම දැරිය නුවර වැව රවුමේ දී තමාට මුණගැසුණ බවත් ඇයට රැකියාවක් සඳහා නිවෙසක වැඩට ගෙනගොස් දුන් බවත් ය. දැරිය ප්‍රකාශ කර ඇත්තේ තමා වෙළෙඳසලකට යමින් සිටියදී මොහු තමා හදුනන බව පවසා යතුරු පැදියේ නංවාගෙන ගිය බවයි. අත්අඩංගුවට ගැනුණ සංචාරක මගපෙන්වන්නා උයන්වත්ත පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තැනැත්තෙකි. ඔහු ඊයේ (14) දින මහනුවර අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

  තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතිලක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ කරති.