train-fares-change

දුම්රිය ගාස්තුව ඉදිරියේ දී සුළු වශයෙන් හෝ සංශෝධනය කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.



ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.



ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ පුර්ව අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

“ඉතාම සහනදායි මිලකට තමයි දුම්රිය ප්‍රවාහනය සපයන්නේ. බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තුව හැටියට සැලකෙන්නේ. එකේ සීසන් එක ගත්තහම තුනෙන් එකෙනුත් තුනෙන් එකක් තමයි සීසන් ගාස්තුව ලෙස සලකන්නේ. සීසන්හිමියන් තමයි මේකේ වැඩිපුරම ගමන් කරන්නේ. නමුත් මේ වතාවේ දී රු 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළයෑම නිසා අපිට මෙතෙක් රජයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි සියල්ල ලබලා දුන්නත් ඉන්ධන වියදම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දරමින් සිටියා. මේ තත්ත්වය යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධනවල වියදම පවා කරන්න බැරිවෙන නිසා.

තවම තීන්දු කරලා නැති වුණත් යම් ප්‍රමාණයකින් අවම වශයෙන් ඉන්ධන මිල පමණක් හෝ ගෙවා ගැනීමට සරිලන ආකාරයෙන් දුම්රිය ගාස්තු ඉදිරියේ දී සුළු සංශෝධනයකට ලක්කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලය ඒ සඳහාත් පුර්ව අනුමැතිය ලබාදුන්නා යම් අවම මට්ටමකින් දුම්රිය ගාස්තුත් සංශෝධනය කිරීම සඳහා.”