බදාදා (30) දිනයේ දුම්රිය ධාවනය සියයට 90 කින් පමණ අඩපණ වනු ඇතැයි දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමය පවසයි.



    එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අඟහරුවාදා (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සදහන් කළේ අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවයි.

ඒ අනුව අඟහරුවාදා (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.