udarata-menike-accident

පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටි බරපතළ ලෙස තුවාල ලැබූ ඊජිප්තු ජාතික සංචාරකයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව පෙරේදා (16 වැනිදා) රාත්‍රියේ මියගොස් ඇතැයි පට්ටිපොල පොලිසිය සඳහන් කළේය.



මෙසේ මියගොස් ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නමැති 32 හැවිරිදි සංචාරකයෙකි.

මරණකරු මීට සතියකට පෙර සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබුණි. ඔහු උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී පෙරේදා (16 වැනිදා) දහවල් 12.00ට පමණ පට්ටිපොල දුම්රිය ස්ථානය අසලදී පාපුවරුවෙන් වැටී තිබිණි.



ඉන් බරපතළ ලෙස තුවාල ලැබූ හෙතෙම නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් මිතුරන් පිරිසක් විසින් තුවාලකරු කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් සිටියදී හෙතෙම මියගොස් තිබේ. -