uk-advises-sri-lanka-tourists

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ වෙළෙඳසල් ඉන්ධන  පිරවුම්හල්, ගෑස් සහ ඔසුසල් අසල දිගු  පෝලිම් දකින්නට ලැබෙන බවත්, විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා  බලධාරින් විදුලි කප්පාදුවකට යොමු වී  සිටින බවත්, බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ අනතුරු හැඟවීමේ නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව 2019 අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද සිහි කැඳවීමක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

විදේශීකයන් ඉලක්ක කර ගනිමින් එවැනි ප්‍රහාර සිදුවිය හැකි බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට සිහිපත් කර තිබේ. කොවිඩ් 19' ව්‍යාප්තිය සහ ‘ඩෙංගු' ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටිය යුතු බවත්, තමන් ගමන් කරන ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය ගැන කල්තියා දැනුවත් වීම වැදගත් බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.