වැලිමඩ, කැප්පෙටිපොල අත්කම් නිවාස ප්රදේශයේ නිවසක පෙරේදා (29දා) රාත්රියේ පේනරේටරයක් පිපිරී යාම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. අදාළ නිවසේ සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ නව හැවිරිදි සහ පස් හැවිරිදි දරුවන්දෙදෙනා මෙම අනතුරින් තුවාල ලබා සිටිති. අනතුරින් තුවාල ලැබූවෝ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.
එදින රාත්රියේ විඳුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම නිවසට පේනරේටරයක් මගින් විදුලි බලය ලබාගෙන ඇති අතර මෙම ජෙනරය නිවසේ කාමරයක තිබී ඇත. එක් වරම රාත්රී 8.30 ට පේනරේටරය නැවතී තිබෙන අතර ඒ ගැන විපරම් කිරීමට නිවසේ සිටි කාන්තාව ඇගේ දරුවන් දෙදෙනාද එය අසලට ගොස් තිබේ. ඒත් සමගම වීශාල ශබ්දයද සමග ජෙනරේටරය පුපුරා ගොස් ඇති බව මේ වනවිට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.මෙම අනතුර සිදුව අවස්ථාවේ මෙම තුවාල ලබා ඇති කාත්තාවන්ගේ ස්වාමියා නිවසේ සිට නොමැත. පිපිරීම සමග ගින්නක්ද හටගෙන ඇති අතර ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
ගින්න හේතුවක් අදාළ නිවසටද දැඩි අලාභහානි සිදුව තිබේ. ප්රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ. වැලිමඩ පොලිසිය සිද්ධිය සම්බන්ධය වැඩි දුර විමර්ශන සිදු කරයි.
0 Comments