යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වශයෙන් පෙනී සිටිමින් වැල්ලවත්ත හාමර්ස් පටුමගේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ පහත මහල දිනකට රුපියල් I0. 000 ක් බැගින් දිනපතා ගෙවීමේ කුලියට ලබාගෙන පසුව එම ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකුට පහර දී ඔවුන් එම නිවසේ සිරකරගෙන වපාරිකයාගේ වත්කම් හා මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටි දෙදෙනකු පෙරේදා (23) අලුයම අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, මොවුන් සතුව තිබී මාංචු කුට්ටමක් ද බාරයට ගත් බවත් පොලිසිය පවසයි.. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වශයෙන් පෙනී සිටිමින් ඉහත සැකකරුවන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් නිවසේ පහත මාලය සති දෙකකට කුලියට ලබාගෙන ඇති බවත්, ව්‍යාපාරිකයා පහත මාලය මොවුන්ට දී දරුවන් සමග ඉහළ මාලයේ පදිංචියට ගොස් ඇති බවත් පොලිසිය කියයි.
දිනකට රුපියල් 10,000 බැගින් නිවස කුලියට ගත් සැකකරුවන් දෙදෙනා පැමිණ දින කිහිපයක් ගත වුවද මුදල් ගෙවීමක් නොකළ නිසා ඉකුත් 27 වැනිදා රාත්‍රියේ ව්‍යාපාරිකයා මුදල් ඉල්ලීමට ගිය අවස්ථාවේ සැකකරුවත් ඔහුට පහර දී අත්වලට මාංචු දමා කටේ ප්ලාස්ටර් අලවා එහි කාමරයක සිරකර ඇති බව පොලිසිය පවසයි. ඔවුන් ව්‍යාපාරිකයාට ඔහුගේ ගිණුම් හා දේපළ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බවද පොලිසිය කියයි. කුලී මුදල් ලබා ගැනීමට ගිය ව්‍යාපාරිකයා පැය කිහිපයක් ගත වුවත් ආපසු නොපැමිණි නිසා ව්‍යාපාරිකයාගේ ඥාතීයකු හා ඔහුගේ මිතුරකු ව්‍යාපාරිකයා ගැන සෙවීමට එම නිවසට ගොස් ඇති අතර සැකකරුවන් දෙදෙනා ඔවුන්ට ද පහර දී ප්ලාස්ටර් අලවා එම නිවසේ සිරකරගෙන ඇති බව ද පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයාගේ වත්කම් සම්බන්ධයෙන් පැය අටක් තිස්සේ ප්‍රශ්න කරමින් තොරතුරු ලබාගත් සැකකරුවන් හෙට දිනයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු හා නීතිඥයකු එම ස්ථානයට පැමිණෙන බවත්, ඔවුන් පැමිණි පසුව පිරිස මුදාහැර සිද්ධිය සමතයට පත්කළ හැකි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසටත් පිරිසට තර්ජනය කර එදිනම රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ ඥාතියා පමණක් මුදා හැර ඇති බවත් පොලිසිය කියයි. සැකකරුවන් මුදා හැරි පුද්ගලයා සිද්ධිය පිළිබඳව එදිනම රාත්‍රියේ වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව පොලිසිය එම නිවසට ගොස් සිරකරගෙන සිටි දෙදෙනා මුදාගෙන ව්‍යාපාරිකයා හා අනෙක් පුද්ගලයා, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය එම නිවසට පැමිණි අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ මිතුරාගේ කටේ ප්ලාස්ටර් අලවා එහි කාමරයක සිරකර සිටි බවද පොලිසිය පවසයි. සැකකරුවන් ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලීමක් කර නොමැති බවත්, මොවුන් මේ ආකාරයේ ක්‍රියාවක් සිදුකළේ ඇයිද යන්න හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි. සැකකරුවන්ට මාංචු කුට්ටමක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක
0 Comments