විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැරූ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.
නමුත්, ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගි වී ඇති බව වාර්තා වේ.
පසුගිය මාර්තු මස 3 වැනිදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍ය තනතුරින් ඉවත් කරන ලද්දේ රජය විවේචනය කරමින් ‘මුළු රට හරි මගට‘ නමින් බාහිර රැස්වීමක් පැවැත්වීම සමබන්ධ ගැටලුවකින් අනතුරුවය.
විමල් එසේ සහභාගී නොවූවද තනතුරින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ තනතුරේ කටයුතුවලින් ඉවත්වූ බව කියන ඇමති වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයකටම පසුගිය දිනවල සහභාගි වී ඇත.
අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ හිමිවුණේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසන වන අතර අවස්ථා දෙකකදී ඔවුන්ට සම්බන්ධ මාධය මගින් අනාවරණය කර තිබුනේ ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ ස්වාධීනවී විපක්ෂයේ අසුන් ගන්නා කතාවකි. එහෙත් එවැන්නක් තවම සිදුව නැත.
0 Comments