කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් 40%ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් පහ විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවත් අගවිනිසුරුවරයා නිවේදනය කළේය.
0 Comments