India-2021-old-photos-to-sling-mud-at-protesters

ගෝල්ෆේස් ආසන්නයේ ‘ගෝටාගෝගම‘ යනුවෙන් දැන් නම් කර ඇති ස්ථානයේ පසුගිය 09 වන දා සිට මේ දක්වා විරෝධතා පැවැත්වෙන අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාතී ඇතැම් පිරිස් ඊට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටු පළ කරමින් සිටින අතර ‘මඩ ගැසීම්‘ යයි හඳුනාගත හැකි අසත්‍ය තොරතුරුද හුවමාරු කරමින් පවතී.
මින් දින දෙකක පමණ සිට වාර්තාවූ යේ මෙම පිරිස එම භූමියේ කූඩාරම් ගසාගෙන රැය පහන් කරන බවයි.

රැය පහන් කරන කණ්ඩායමේ ගැහැණු හා පිරිමි සිටි අයුරු ඡායාරූප වලද සටහන් විය. ඒ ඔස්සේ යමින් ‘ගෝඨා ඕනෑ‘ කන්ඩායම මගින් ගැහැනු පිරිමි අයථා හැසිරීම් වල නිරතවූ බවට ව්‍යාජ පුවත් පළ කරන අයුරු හඳුනාගන්නට ලැබේ.
එවැන් එක් උත්සාහයක් ලෙස 2021 වසරේ සැප්තැම්බර් මසදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු වැටී ඇති අයුරු පිළිබඳ ප්‍රවෘත්තියක් අන්තර්ජාලයෙන් උපුටාගෙන එහි ඡායාරූප මේ සමග ඈඳා ‘පද හදා ‘ තිබේ.
නොමග යවන සුළු ඡායාරූපය මගින් ගෝල්ෆේස් භූමියේ අපචාර ක්‍රියා සිදුවන බවට ඒත්තු ගන්වන්නට උත්සාහ ගෙන තිබුනේ මෙම සටහනද සමගිනි.

“අම්මේ තාත්තේ, ගාලු මුවදොර පිටියේ රැය ගත කරන ඔබගේ දියණිය පිළිබඳව දැඩි අවදානයෙන් සිටින්න. ඊයේ දින රාත්‍රියේ මෙම ස්ථානයෙන් උපත් පාලන කොපු සහ හිස් මත්පැන් බෝතල් රැසක් හමු වී තිබේ. අරගලයේ නාමයෙන් ඔබගේ දියණිය විනාශ වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් සිටින්න.”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීමේ) වෙබ් අඩවි ගනනාවක් මගින් මෙම ඡායාරූප පැරණි ඒවා බවට තහවුරු කර තිබේ.



ගෝල්ෆේස් ග්‍රීන්හි මේ වන විටත් සිදු වන විරෝධතා ඡායාරූප අතර කිසිතැනක මෙවන් ඡායාරූප නොමැති අතර ගූගල් Reverse Image සෙවුමක් සඳහා යොමු කර පරීක්ෂාවේදී ඡායාරූපයේ දැක්වෙන්නේ, 2021 වසරේ සැප්තැම්බර් මසදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු වැටී ඇති අයුරක් ගැන පුවත බව හෙළිව ඇත. එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ උපත් පාලන කොපු නිෂ්පාදනය කරන ආයතනයක් ඒවා ප්‍රවාහනය කිරීමේදී බිම වැටී ඇති බවයි.

ජාතික මහාමාර්ග 48 හි Kathsandra-Batawadi මාර්ගය අතර මාර්ගය දෙපස කොන්ඩම් වැටී ඇති අවස්ථාව සම්බන්ධයෙන් පළ වී තිබූ පුවත හා වීඩියෝවක් පහතින්.




 

ව්‍යාජ ලෙස සකස් කළ ෆේස් බුක් පෝස්ටුවක් පහතින්