අද (03 වැනිදා) සවස 3.00ට මුළු රටම පාරට බැස විරෝධය පළ කිරීමට ජනතාව පෙළගැස්සවීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි වාර්තා කරයි.
දැනට උද්ගතව ඇති තත්ත්වයත් සැලකිල්ලට ගෙන ඒ ගැන විශේෂ පරීක්ෂණයක් කර ඇති අතර GoHomeGota නමැති ෆේස් බුක් සමූහය පවත්වාගෙන ගිය තිසර අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනුනේ ඒ අනුවයි.
කෙසේ නමුත් මෙය පසුපස සිටියේ
ඔහු නොව ඊටත් පෙර මෙම සංකල්පය ගෙන ආ පුද්ගලයා ගැන තොරතුරු ලැබී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීන් දැන් පවසා ඇත.
යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කර ඉන් ඉවත්ව එංගලන්තයට ගොස් සිටින නිලධාරියකු ඉකුත් බදාදා සවස 1.00ට පමණ රජයට එරෙහිව ජනතාව වීදි බස්සවන ප්‍රචාරණ වැඩපිළිවෙළ මුල්වරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන්නට පටන් ගෙන ඇතැයි අනාවරණය කරගෙන තිබේ.
පළමු පැය දෙක තුළ එය පුද්ගලයන් විසි අටදහසක් හුවමාරු කර තිබූ බවටද සංඛ්‍යාලේඛන හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ ඔස්සේ මහජන කැරැල්ලක් නිර්මාණය කරන්නට ඔවුන් සම්බන්ධවී ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
ආර්ථික හා ආරක්ෂක මධ්‍යස්ථානවල ආරක්ෂාව වහාම තරකර එම අධි ආරක්ෂිත ප්‍රදේශවලට ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොදීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු පවසා ඇති අතර පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකායද එම අධි ආරක්ෂිත කලාපවල ආරක්ෂාවට කැඳවීමට ද පියවර ගෙන තිබේ.
3 වනදා සවස 3 විරෝධතාව සංවිධානය කළ එංගලන්තයට ගොස් සිටින නිලධාරියා සොයන්නට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.
0 Comments