ජීවිත ආරක්ෂක ඖෂධ සහ ශල්‍ය උපකරණ රැසක තොග අවසන් වෙමින් තිබෙන බවත්, මෙවැනි තත්වයක් ඇති විය හැකි බවට මේ වසරේ ජනවාරී මාසයේදී සෞඛ්‍ය බලධාරින්ට තම සංගමය පෙන්වා දුන් බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එහෙත් ජීවිත ආරක්ෂක ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග මෙරටට ගෙන්වා ගැනීමට මෙතෙක් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මෙම තොග අවසන් වීම යටතේ ජලභීතිකා රෝගය සෑදීම වැළැක්වීම සඳහා භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත් තොග අවසන් වී තිබෙන බවත් වීම සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය. මේ නිසා රටේ ජනතාව සෑම විටම සුනඛයන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත්, රජයේ රෝහල්වල දැනට හිඟව පවතින සමහර ඖෂධ පුද්ගලික ඖෂධ අලෙවි සැල් තුළ පවා මිලදී ගැනීමට නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කිහිපයක තොග අවසන් වී තිබෙන බවත්, තොග අවසන් වී ඇති ඖෂධ අතර හෘද රෝගීන්ට, පිළිකා රෝගීන්ට,පුස් රෝග සහිත රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග පවා පවතින බවත් සභාපතිවරයා පැවසීය. ඖෂධ හා උපකරණ තොග අවසන් වෙමින් පවතින නිසා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණවල විශාල හිඟයක් ඇති වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව රසායනාගාර පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොග අවසන් වීම හේතුවෙන් රසායනාගාර පර්යේෂණ ඉතා විශාල ප්‍රමාණයක් සීමා කිර්මට යටත් සිදුකිර්මට සිදුව තිබෙන බවද අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.. මේ නිසා තොග අවසන් වී ඇති සියලුම ඖෂධ හා උපකරණ වර්ග මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවත්, මේ වසරට අදාළ ඖෂධ හා උපකරණ මෙරටට කාර්තු තුනක් යටතේ ගෙවීමට අවශ්‍ය ලිපි ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයට මීට පෙර ලබාදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments