මෙතරම් උග්‍ර අර්බුදයක් මැද රට මැතිවරණයකට තල්ලු කිරීමට නොහැකි බැවින් මැතිවරණයකට යාමට පෙර අවම කොන්දේසි සහිතව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. රටේ ජනතාව අඳුරේ,බඩගින්නේ සහ බෙහෙත් නොමැතිව තබා රජය ඩොලර් බිලියන හතක් ණය වාරික වශයෙන් ගෙවීමට සුදානම් වන බවත්, ආණ්ඩුව වහාම එම ණය ගෙවීම නවතා දැමිය යුතු බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ 11ක එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදීය.
පහුගිය වසර දෙකේ කළයුතු දේවල් නොකර සිටීමේ විපාක භුක්ති විදිමින් සිටින බවත්, නමුත් ආඩුව තවමත් කළ යුතු දේ නොකරන බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, "අද ජනතාවට විදුලිය නෑ, ඉන්ධන නෑ, බෙහෙත් නෑ හැබැයි ඉතාම ආඩම්බරයෙන් ආණ්ඩුව කියනවා අපි අන්තිම සතේට නියමිත දවසට ණය ගෙවපු ආණ්ඩුවක් කියලා. මේක තමයි කියන්නේ ක්ලීන් සූට් එම්ටිපොකට් කියලා. රටේ ජනතාව අදුරේ තියලා බඩගින්නේ තියලා බෙහෙත් නැතුව තියලා ණය ගෙවීමෙන් තියෙන ඵලය මොකක්ද? අපි මේ වසරේ පමණක් ඩොලර් බිලියන හතක් ණය ගෙවීම සඳහා වෙන් කරලා,
තියෙනවා.
ඒ ඩොලර් බිලියන 07 තිබුණත් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ගේන්න ඕනවටත් වඩා වැඩියි. අද මේ රටේ දැනටත් මහ මුහුද මැද තෙල් නැව් ගෑස් නැව් ඩොලර් ගෙවා ගන්න බැරුව ඉන්නවා. ප්‍රධානම හේතුව තමයි බැංකුවලට ලැබෙන සෑම ඩොලර් ප්රවාහයකින්ම 50%ක් මහ බැංකුවට ලබාදිය යුතුයි ඩොලර් ණය ගෙවීම සඳහා. අදවන විට මුළු ලෝකෙම දන්නවා ශ්‍රී ලංකා ආණ්ඩුවට ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය දේවල් සැපයීමට අසමත් වීමෙන් රටේබරපතළ අනතුරක් තියෙනවා කියලා. ඒ නිසා ශ්‍රී ලංකාව ණය ගෙවාගන්න බැරී තත්වෙක ඉන්නෙ කියලා ලෝකයත් තේරුම් අරගෙන ඉන්නේ. අපේ අය ගිහින් කියනවා නෑ නෑ ප්‍රශ්නයක් නැහැ අපි වෙලාවට ණය ටික ගෙවනවා කියලා. සාමාන්‍යයෙන් ණය ගෙවා ගන්න බැහැ,
අපිට මේක යළි සකස් කරල දෙන්නකො කියන ඉල්ලීම කරනවා වෙනුවට, නෑ අපිට ණය ගෙවන්න පුළුවන් කියලා ජනතාව බඩගින්නේ තියලා, ජනතාව අඳුරේ තියලා මේ ණය ගෙවීමේ මෝස්තරය වහාම ආණ්ඩුව දැන්වත් නතර කළ යුතුයි.
අද මමත් හිටපු අමාත්‍ය විමල් වීරවංශත්, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාත් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවුණා. එහිදී සර්ව පාක්ෂික අතකාලීන ආණ්ඩුවක් පිහිටුවා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීය. යුතු බවට යෝජනා කළා. ඒ සඳහා ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් යහපත් ප්‍රතිචාර ලැබුණා” යනුවෙන් පැවසීය.
(නවෝද්‍යා පවනි)
0 Comments