සරසවි සිසුවියක ධාවනය වෙමින් තිබූ දුම්රියකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී ඇද වැටෙනවා දැක ඇති එම දුම්රියේම ගමන් ගත් සරසවි සිසුවකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන දුම්රිය මාර්ගය මත ඇද වැටී තුවාල ලබා සිටි සරසවි සිසුවිය වහා රෝහල් ගත කිරීමේ සිද්ධියක් වේයන්ගොඩ පොලිසියෙන් වාර්තාවේ. මෙසේ රෝහල් ගත කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක බවද පොලිසිය කියයි. මෙම වෛද්‍ය සිසුවිය සමග එම දුම්රියේ ගමන් කර ඇති ඇගේ පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු මෙසේ දුම්රියෙන් පැන සිසුවිය වහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
මහව සිට කොළඹ කොටුව බලා ධාවනය කරමින් තිබී ඇති දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවතා නැවත ගමනාරම්භ කර ධාවනය වෙමින් තිබියදී සරසවි සිසුවිය දුම්රියේ එක් පාපුවරුවක් හා දුම්රිය වේදිකාවටත් අතුරින් දුම්රිය මාර්ගය මතට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි. සරසවි සිසුවිය දුම්රියෙන් ඇද වැටෙනවා දැක ඇති දුම්රිය ස්ථානයේ එම අවස්ථාවේ සිට ඇති මගීන් විශාල පිරිසක් කෑ ගැසීම නිසා දුම්රිය මීටර් 100ක් පමණ ඉදිරියට ධාවනය කර නතර කර ඇති බවද පොලිසිය පවසයි. සිසුවිය දුම්රියෙන් ඇද වැටෙනවා දැක ඇති සිසුවා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් වේදිකාව මතට පැන තුවාල නොලබා බේරි ඇත.
දුම්රිය මාර්ගය මතට ඇද වැටී තුවාල ලබා සිටි සිසුවිය තම අත් දෙකෙන් ඔසවාගෙන දුම්රිය මාර්ගයේ මීටර් 100ක පමණ දුරක් ගමන් කර ඇති මෙම සරසවි සිසුවා වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසලදී වාහනයක් නවතා සිසුවිය වහා වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගොස් දුම්රියේ රෝදයකට හසුවීම නිසා සිසුවියගේ එක් පාදයක මහපට ඇඟිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවද ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර කඩිනමින් ලබාදුන් බවද වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සම්පත් පෙරේරා මහතා පැවැසීය.
0 Comments