ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහයෝගිතා පැකේජය උදෙසා සාකඡා පවත්වන අතරතුර ශ්‍රී ලංකා රජයට සහන පැකේජයක් ලබා ගැනීම සඳහා ජපානය, දකුණු කොරියාව, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇ.එ.ජ. සහ මැද පෙරදිග අරාබි රාජ්‍යය සමඟ සාකච්ඡා පැවැත්වීම පිළිබඳව සලකා බැලිය හැකි බව හඳුනාගෙන තිබේ. ඉහළම අන්දමින් හසුරුවා ගත්තද එවැනී දෙයකින් ඩොලර් බිලියන 10ක් දක්වා සපයා ගැනීමේ විභවතාව පවතින අතර මෙම රටවල් සමග අපනයන නිෂ්පාදන උදෙසා හුවමාරු වැඩපිළිවෙළක් සකසා ගැනීමේ හැකියාවද පවතී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් උසෝණ පැන නැගී තිබේ. මෙම ඉල්ලීම් කරන්නවුන් ඇතැම් සාධක කිහිපයක් පිළිබඳව සලකා බැලිය යුතුවේ. පළමුවෙන් ව්‍යවස්ථාවේ ස්ථාවරය සලකා බැලිය යුතුය. මෙම රචකයා දන්නා තරමින් ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට අගමැතිවරයා ජනාධිපති තනතුරේ මාස තුනක කාලයකට වැඩ බැලීම කරන අතරතුර පාර්ලිමේන්තුව ඊළඟ ජනාධිපතිවරයා පත් කළ යුතුය. එසේ පත් කරනු ලබන ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ ඊළඟ ජනාධිපතිවරණය තෙක් ජනාධිපති තනතුරේ රැඳී සිටිය යුතු වේ. මේ වනවිට ඉන්නා අගමැතිවරයා මීට පෙර දෙවාරයක් ජනාධිපති තනතුරට පත්වී ඇති නිසා ජනාධිපති තනතුරේ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළ හැකි ද යන්න පැහැදිලි නැත. ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වාර දෙකකට සීමා කර තිබීම ඊට හේතුවයි.
ජනාධිපති තනතුරේ වැඩ බැලීමට ඔහුට ව්‍යවස්ථාවෙන් බාධාවක්වේ නම්
එවිට කතානායකවරයා, පාර්ලිමේන්තුවෙන් ඊළග ජනාධිපතිවරයා පත්කරන තුරු ජනාධිපති තනතුරේ වැඩ බැලිය යුතුවේ. දෙවනුව එම තනතුර සඳහා තරගවදින යම් අයකු වේ නම් ඒ පිළිබඳව සලකා බැලීම අවශ්‍යවේ. ඒ අය අතරින් මෙත්‍රීපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් ඉන්නා සෙයක් පෙනේ. ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරන අය ඒ අය අතුරින් එක් අයකු ජනාධිපති තනතුරට පත් කිරීම පිළිගත හැකි දැයි සලකා බැලිය යුතුය. මේ දෙදෙනාගෙන් එක් අයකුට හෝ ජනාධිපති තනතුරට පත්වීම උදෙසා පාර්ලිමේන්තුවේ බහුතරය ඇති සෙයක් නොපෙනේ. එම නිසා ඒ දෙදෙනා බහුතරය ලබා ගැනීම සඳහා අන් අයගේ සහයෝගය ඒකරාශි කළ යුතුය. තරග කිරිමේ හැකියාව ඇති මේ දෙදෙනාට පත්වීමට ඇති හැකියාව පිළිබඳව මෙම ලිපියෙන් ගැඹුරු කාරණාවලට එළැඹෙමින් විග්‍රහයක යෙදෙන්නේ නැත. ඔවුන්ගේ ඉතිහාසයත් තරග කිරීමේ මට්ටම ද හෙළිදරව් වී තිබේ.
"ඔබේ සතුරා මගේ සතුරා ද වන බැවින් අප දෙදෙනා මිතුරය" යන කියමන කෙරේ විශ්වාසය තබා කටයුතු කළ අයකු ලෙස සිරිසේන හැඳින්විය හැකිවීම එක් කාරණයකි. 2015 දී මහින්ද රාජපක්ෂ අතහැර ඔහු රනිල් වික්‍රමසිංහ සමග එක්වීමත් ඉන්පසු 2019 දී වික්‍රමසිංහ අතහැර නැවත රාජපක්ෂ සමග එක්වීමත් මේ වනවිට ඔවුන් අතහැර සිටීමත් ඔහුගේ චරිතය පැහැදිලි කරන්නකි. සජිත් ප්‍රේමදාස 2015-2019 වික්‍රමසිංහ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ද ඔහු ඉහළ තනතුරක් දරන විට ක්‍රියා කරන ආකාරය මෙතෙක් හෙළිදරව් වී නැත. පෙර නොවූ ආකාරයෙන් ජනතාව ඉබේම විරෝධය පෑමට පෙළඹීමේ සංසිද්ධිය සාදරයෙන් පිළිගන්නා බව ආරම්භයේදීම පාඨකයාට කිව යුතුය. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණාමයකි. දූෂණෙය, අකාර්යක්ෂමතාව හා නාස්තිය පිටු දැකිය යුතු නම් පාලනය උදෙසා ජන සහභාගිත්වය නොකඩවා පවත්වා ගත යුතුය.
පාර්ලිමේන්තුවට නුසුදුස්සන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කිහිපයකට වරක් කතිර ලකුණු කොට ඡන්දය දීම පමණක් නොව ප්‍රතිපත්ති හා පොරොන්දු ඉටුකිරීම සඳහා තීරණ ගැනීමට බලපෑම් කිරීම ද ඊට අයත් වේ. වර්තමාන දේශපාලන අවහිරතා මැද දැනට පවතින විරෝධතාවල අරමුණ සහ කාර්යභාරය විමසා බලනු වටනේය. දැනටමත් මියැදී ඇති ආර්ථිකයට නව පණක් දීම සඳහා ඔවුන් කුමන දේ පිළිබඳ ප්‍රමුඛ ලෙස කල්පනා කර බැලිය යුත්තේ ද යන්න ද වැදගත්ය. මූලික ප්‍රතිඵල කිහිපයක්ම මේ වනවිට විරෝධතාකරුවෝ අත්කරගෙන සිටිති.
කැබිනට් ඇමැතිවරු ඉල්ලා අස්වීම එක් ප්‍රතිඵලයකි. රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අත්විඳින අසීමිත බලතල ඔවුන් මේ වනවිට හකුලා දමා තිබේ. පවුල් හා පරම්පරා දේශපාලනය ඔවුහු හෙළා දැක ඇත්තාහ. පාලන තන්ත්‍රයේ ඉහළ වැජඹෙන්නන්ගේ වගකීම පිළිබඳ වැදගත්කම ඔවුන් හුවා දක්වා තිබේ. මෙම ඔවුන්, ඔවුන් වෙනුවෙන් බලයේ ඉන්නා අය පෙන්විය යුතු ප්‍රතිඵල ප්‍රඥප්තියකට පත් කිරීමක් තරමට ජනතාව පොළඹවා ඇත. මින් මත්තට ශ්‍රී ලංකාව පෙර මෙන්ම නොපවතින සෙයක් පෙනේ. මේවා ඉතා කෙටි කාලයක් තුළ දිනාගත් වැදගත් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයන්ය. දැන් විරෝධතාකරුවන් ඇතැම් තීරණාත්මක සාධක පිළිබඳව කල්පනා කර බැලීම අවශ්‍යවෙි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහ කරන සහයෝගය හා ණය සහන ලබා ගැනීම සඳහා යොමුවී තිබේ. රජය වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඔහු ඉහළ ගුණාත්මක බවින් යුතු උපදේශක මණ්ඩලයක් පත්කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගනු වස් ශ්‍රී ලංකා රජය විසින් ගත යුත්තේ කටුක වූ දැඩි පියවර. එම පියවර ක්‍රියාවට නැගීම වඩාත් අතෘප්තිකර තත්වයකට මගපෑදීමක් විය හැකිය. වෙනත් දේශපාලන සංයෝජනයක් විසින් ජනාධිපතිකම හා ආණ්ඩුව භාර ගැනීමෙන් එම තත්වයේ වෙනසක් සිදු නොවනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා පැවැසූ පරිදි එම තත්වය පෙරටත් වඩා නරක තත්වයට පත්වෙනු ඇත. මේ වනවිට විරෝධතාකරුවන්ට ඔසවාගෙන සිටින ගෝඨා ගෙදර යනු' කියනා පුවරු වෙනුවට එහි ප්‍රතිඵලයක් ලෙස 'අයි. එම්. එෆ්. ගෙදර යනු' යන පුවරු ඔසවා ගනිතැයි අයකුට කල්තියා කිව හැකිය.
ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීම සඳහා මෙම වාතාවරණය තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. දැනට අත්විඳින තත්වය නැවත නොඑන්නට ද පියවර ගත යුතුය. ලෙඩා පණ අදින විට ලෙඩාගේ තත්වයට අදාළ නොවන ප්‍රශ්න ඇසීමෙන් පලක් නැත. එවිට රෝගියා හැකි ඉක්මනින් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන යා යුතුය. ශ්‍රී ලංකාව දැන් එවැනි රෝගියකු හා සමානවේ. දැන් අවශ්‍යවන්නේ රෝගියා කඩිනමින් දැඩි සත්කාර ඒකකය වෙත ගෙන යාමය. ශ්‍රී ලංකා ආර්ථිකයට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි සත්කාර ඒකකය මෙනි.
ලෙඩා මෙම තත්වයට පත්වූයේ ඇයි ද යන්න සෙවිය යුතු මුත් ඒ දැන් නොවේ. ලෙඩාගේ සෞඛ්‍ය පිරිහී ගියේ කෙසේද ඊට වගකිව යුත්තෝ කවරහුද යන ප්‍රශ්න නැගිය යුත්තේ ලෙඩා සුව අතට හැරෙන ළකුණු පෙන්වූ විටය. දැන් දරුණු රෝගියකු බවට පත්ව ඇති ආර්ථිකයට ප්‍රතිකාර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව වෛද්‍ය විශේෂඥවරුන් ද හවුල්කර ගත යුතුවේ. ඉන්දියාව, චීනය, ජපානය, ද. කොරියාව, මැදපෙරදිග රටවල්, යුරෝපා සංගමය ඇ.එ.ජ. ආදී රටවල් දැන් වෛද්‍ය විශේෂඥයන් හා සමානය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලැබෙන තුරු අවම වශයෙන් මීළග හය මාසයේත් අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය අවශ්‍යතා සපයා ගැනීමට හදිසි මූල්‍ය සහන ඉල්ලා සිටිය යුත්තේ එම රටවල්වලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන සොයා යෑම අනිවාර්යයෙන් කළ යුතු තත්වයක පසුවන මේ අවස්ථාවේ දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාද්වේ පවත්වාගෙන ආ කළමනාකරණ දුර්වලතාවල වන්දිය ගෙවා දැමීමට සිදුවේ.
මෙම තත්වය තුළ යම් තරමකට දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා දේශපාලන වශයෙන් සම්මුතියකට එළඹීම පූර්ව කොන්දේසියක් බව කල්පනාකර බැලිය යුතුය. කැබිනට් ඇමැතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුවීම ඇතුළු වැදගත් දේශපාලනය ජයග්‍රහණ විරෝධතාකරුවෝ මේ වනවිට අත්පත් කරගෙන සිටිති. දැනට මාස කිහිපයකට කළ නොහැකිව තිබූ ඇතැම් දේ ඔවුන් වක්‍රව දිනාගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම සහ විශේෂඥ මණ්ඩල පත් කිරීම ආදී කලින් කී දේ ඊට අයත් වේ. මේ පියවර නිසා අවම වශයෙන් මෙම අවස්ථාවේ හෝ දේශපාලනය, ආර්ථික කළමනාකරණයෙන් වියුක්තවී තිබේ. මුළු රාජ්‍ය ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ නිවේදනය (ජා.මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහය සිඳුවනතුරු) කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනයෙන් වියුක්තවූ (පරාචක්‍රියව) ඊට එපිටින් යන ආර්ථික කළමනාකරණයයි. කෙසේ වුවද කොපමණ කාලයක් කෙතරම් දුරට මෙම වියුක්තභාවය පවතීවි ද යන්න රඳා ඇත්තේ දේශපාලන පක්ෂවල ආකල්ප හා විරෝධතාකරුවන්ගේ උපාය මතය. ශ්‍රී ලංකාව දැන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා තත්වයේ පවතින අතර මෙම කණ්ඩායම් දෙකේ ක්‍රියාකාරකම් නිසා රෝගියාට කරන ප්‍රතිකාර මගහැරි රෝගියා මියයා හැකිය.
අවම වශයෙන් ඊළඟ මාස විසිහතරටවත් පක්ෂ දේශපාලනය ඉවතලිය යුතුවේ. කෙසේ වුවද, ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවාදයෙන් ඉවත්ව ආර්ථිකය යළි යථා තත්වයට පත් කර ගන්නට පියවර ගන්නා තෙක් එසේ සිදු නොවන්නේය.
යම් දේශපාලන ස්ථාවර භාවයක් ඇතිකර ගනු වස් ඔවුන්ගේ දේශපාලන පක්ෂය ද අනෙක් දේශපාලන පක්ෂ මෙන් පසුබා සිටිය යුතුය. කෙසේ වුවද ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් කෙරේ පවතින ජනතා විශ්වාසය බිදී යාම නිසා ඔහුගේ සහ ඔහුගේ දේශපාලන පක්ෂයේ අනාගතය අතිශය සැක සහිත තත්වයකට පත්ව තිබේ. ඔහු ඉදිරියේ දැන් පවතින අභියෝගය ඔහු මාස 12 කට පෙර කළ යුතුව තිබූ දෑ දැන් ඉටු කොට රට දැන්වත් අවුලෙන් ගොඩගත යුතුවීමයි. කෝවිඩ් 19 මුළු ලොවට ඇති කළ බලපෑමත් එය ශ්‍රී ලංකා ආර්ථිකයට ඇතිකළ බලපෑමත් සැවොම දනිති. ඔහුගේ උපදේශකයන් අසමත් වුවද, එම අසමත් බවේ විනාශය පිළිබඳ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි. ක්‍රමෝපාය සකස් කිරීම සඳහා දැන් විකල්ප කිහිපයක් ඔහු ඉදිරියේ ශේෂ වී තිබේ. එය මාස 24ක අන්තරිපාලනයක කොටසක් විය හැකිය. පහත සඳහන් දේශපාලන විකල්ප මෙහිදී යෝජනා කෙරේ.
1) අගමැතිවරයා ඉවත්කොට ඒ වෙනුවට නිසි දැනුම ඇති දක්ෂතා ප්‍රදර්ශනය කළ අයකු පාර්ලිමේන්තුවට පිටින් ගෙනවුත් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කොට ආර්ථිකය යළි සකස් කර ගැනීම උදෙසා ඔහුගෙන් මාර්ගෝපදේශ ලබා ගැනීම.
2) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ශ්‍රී ලංකාව තුළින් හෝ ශ්‍රී ලංකාවට පිටින් විශේෂඥ දැනුම ඇත්තවුන් කැබිනට් අමාත්‍ය තනතුරුවලට පත් කිරීම, මුදල්, ආර්ථික සංවර්ධන අධිකරණ, විදේශ කටයුතු ආයෝජන ප්‍රවර්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ආදී ප්‍රධාන කැබිනට් ඇමැති තනතුරුවලට ඔවුන් පත්කළ යුතුය.
3) මාස 24ක නව අමාත්‍ය මඩලයකට එක්වන ලෙස තවදුරටත් අනෙකුත් දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීම ඉහත කී අමාත්‍ය තනතුරුවලට අමතරව තනතුරු 10 කට වැඩි නොවන සේ සෞඛ්‍ය අධ්‍යාපන, බලශක්ති, කෘෂිකර්ම හා ජල සම්පත්, යටිතල පහසුකම් සංවර්ධන, කර්මාන්ත, පරිසර, සංචාරක යන අංශවලට ඔවුන් පත් කළ යුතුවේ.
4) සියලු රාජ්‍ය අමාත්‍ය තනතුරු මාස 24 කට අත්හිටුවීම. ප්‍රධාන රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යභාරය නැවත සකස් කිරිම.
5) ජනාධිපතිවරණය හා මහ මැතිවරණය, අන්තර් පාලන රජයේ මාස විසි හතරක කාලයෙන් අනතුරුව කඩිනමින් පැවැත්වීම.
ජනතාව අතර නැවත විශ්වාසය තහවුරු කර ගැනීම උදෙසා රජය සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. විපක්ෂ දේශපාලන පක්ෂ සහ රජය තුළ ඉන්නා එකඟ නොවන මත දරන්නන් කෙසේ වුවද මහජන අවශ්‍යතා උදෙසා පිළිතුර නොදෙන අතර මහජනයා තුළ ඔවුන් කෙරේ විශ්වාසයක් නැත. ඔවුන්ගේ විරෝධතාවලින් සිදුවන්නේ ද ශ්‍රී ලංකා ආර්ථිකය කල්තියාම සුනු විසුනුව යාමයි. එබැවින් රටේ අනාගතය සලකා ඉහත යෝජනා පිළිබඳව සැලකිල්ල යොමුකොට ඔවුන් සම්මුතියකට එළැඹ ක්‍රියා කිරීම යෝග්‍ය වේ.
රාජ් ගොන්සාල්කෝරාල
ඩේලි එෆ්ටී ලිපිය පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
0 Comments