මේ වනවිට හිස්ව පැවතින මුදල් ඇමති ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ විශ්වාසවන්තයා වන ජනපති නීතිඥ අලි සබ්රි වෙත ලබාදෙන්නට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි කියැවේ. ඒ අනුව අලි සබ්රි එය භාරගන්නා විට වැඩි කාර්ය භාරයක් ඉටුකරවා ගැනීමට මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නම් කරන්නටද යෝජනාවී ඇත.
මේ අතර අගමැති ධූරය මහින්දගෙන් ගලවා වෙන අයෙකුට ලබාදීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නොකරන්නට ඊයේ තීරණය වූ අතර ඊට පෙර ඩලස් අගමැති ධූරය සඳහා නම් කළ බවට කටකතා පැතිරිණි.
කෙසේ වෙතත් සභාග රජයක් යටතේ කටයුතු කිරීමට තවම ප්‍රධාන විපක්ෂය වන සජබය එකඟවී නැති අතර එම පසුබිම තුළදී ආන්ඩුවෙන් හැලී යන පිරිස් විපක්ෂයට එක්විය හැකි නිසා පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර කරගෙන ඉදිරියේදී ආණ්ඩුවට ගමනක් යාම දුෂ්කර වී තිබේ.
0 Comments