12.20
රෝහිත අබේගුණවර්ධන අදහස් දක්වමින් මෙසේ කීය,
ජනතාව පවසන්නෙ යන්න කියලනම් ගියැයි කියමු එතකොට කවුද නායකයා. කියන්න බලන්න. ඡන්දයක් තියල එහෙම කෙනෙක් පත්කරගත්තයි කියමු. එතකොට ඒ කෙනාටත් ආයි ගෝ හෝම් කිව්වම යන්න වෙනවනෙ. එහෙම කරන්න පුළුවන්ද. මෙතැන ජනතාව වගේම වෙනත් අරමුණු වෙනුවෙන් මත හදන පිරිස් කෑගහනවා ඒ ඒ අය කියන විදිහට ආණ්ඩු මාරු වෙයි කියල හිතන්න බැහැ.
12.00
සරත් ෆොන්සේකා මහතා කරුණු දක්වමින් මෙසේ කීය,
අද පාරිලිමේන්තුවේ අය ඇවිත් වෙන වෙන දේවල් කියනවා. තමන්ගේ ප්‍රශ්න ගැන ආරක්සාව ගැන කතා කරනවා. මේ අයට ජනතාවගෙ ප්රශ්නතවමත් මතක නැහැ. හරිම පුදුමයි මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ජනතාව කියන දේ තේරුම් ගන්න. ගෝටා ගෝ හෝම් කිව්වේ ගෝටට විතරක් යන්න නෙමෙයි. එයාව ගෙනාපු ඔයගොල්ලොත් එක්කම තමා යන්න කියන්නෙ.
11.45
කුමාර වෙල්ගම මහතා සංවේදී කතාවක් සිදු කළේය. ඔහු කියා සිටියේ ගෝටාභය ගෙනාපු අවස්තාවේත් තමා විරුද්ධවී පක්ෂයෙන් ඉවත්වූ කෙනා තමා බවයි. ඔහු නොගැලපෙන බව දැන් මහින්ද මහතාට තේරුම් යනු ඇතැයි ඔහු කීය. විදායක ජනපති ක්‍රමය වෙනස් කරන සජිත්ගේ යෝජනාවට කැමති බව කීය.
11.38
රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කතාවක් පවත්වමින් තමන්ගේ නිවසට එල්ලවූ ප්‍රහාරයට සාධාරනයක් ඉටු නොවූ බව කියා සිටියේය. තමන්ගේ නිවසට ප්‍රහාර එල්ලවන බවට මීට සතියකට පෙර ආරංචි ලැබී තිබුණ බවත් එයට සියලුම පක්ෂවල අය ගේ නම් තබූ බවත් කීය. කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් දැක්වූයේ දුර්වල ප්‍රතිචාරයක් බව කීය.
රටේ පවතින තත්වයට රජය වගකිව යුතු බවත් කියා සිටියේය.භාරකාර රජයක් පවත්වන්නට යෝජනා කලේය.
11.19
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් මෙසේකීය.
රටේ උද්ගතව ඇති ප්‍රශ්න රජය හැටියට පිළිගන්නාව. දැන් කවුරුත් සජිත්ව ඉල්ලන්නෙත් නැහැ. මගේ රාජගිරිය ගෙදර ගාවින් ඊයේ ගිය අය ගෝටාත් එපා සජිතුත් එපා කිව්වා. ඒ නිසා තේරුම් ගන්න දැන් 225 ම එපා වෙලා තියෙන්නේ
11.16
මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් මෙසේ කීය.
දැන් රටේ ප්රචණ්ඩත්වය වර්ධනය වන ආකාරයට ඉදිරියට මොනව වේවිද කියන්න බැහැ. රජය ඉවත් විය යුතුයි. ජනතාව කියන දේ තේරුම් ගත යුතුයි
11.10
පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙසේ කීය.
දැන් මෙතැනින් 2/3 ඉවරයි. පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරගන්න බැරි තරමට බහුතරය නැති වෙලා. පාර්ලිමේන්තුවේ බල තුලනය බිඳිලා. වහාම පක්ෂ නායක රැස්වීමක් පවත්වන්න ඉදිරියට කටයුතු කරන ආකාරය දැන් සිට වෙනස් වෙනවා.
11.08
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතාකරමින් මෙසේ කිය.
මෙතැන වැඩක් නැති දේ කතාකරලා පලක් නැහැ.මහපොලොවේ යථාර්ථය නම් රජය ඉල්ලා අස්විය යුතුයි. අපි එන්නැහැ තාවකාලික ආන්ඩු පිහිටුවන්න.අපි එන්නෙ පොදු ජන ආශිර්වාදයෙන් විතරයි.
10.53
රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා කතාව පවත්වමින් මෙසේ කීය.
රටේ ප්‍රශ්න පැත්තකදාලා කතාකරන්න බැහැ. අයිඑම්එෆ් ගැන සලකා බලන්න. මං ජාත්‍යන්තරව බොහෝ අයට කතා කරල ප්‍රශ්න විසඳන්න උත්සාහ කලා. මෙතැන විපක්ෂයට බැනල විපක්ෂයේ සහය ගන්න බැහැ. කරුණාකරලා දැන් විධායකයක් නැති නිසා පාර්ලිමේන්තුව රටේ පාලන වගකීම අරන් කටයුතු කරන්න.ඉඩ සලසන්න.කතානායක තුමාට මේකට ක්‍රියාකරන්න පුළුවන්
10.45
අද නියමිත වැඩ කටයුතු පසෙකලා රටේ තත්වය ගැන විවාදයක් පවත්වමු යයි අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය. ඇමතිවරු නැතිව විවාද කරලා පලක් නැහැ පක්ෂ නායක රැස්වීමක් ඉක්මනින් තියල මෙය කරමු ඔහු කීය.
10.43
තවත් 11 ක පිරිසක් ස්වාධීන වන බව අනුර යාපා මන්ත්‍රීවරයා දන්වා සිටියේය.
10.40
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය
මේක රට වට්ටන්න වෙලාවක් නෙමෙයි. සමස්තයම පිළිකුල් කරන සිවිල් සංවිධාන වැඩට බැහැලා.
10.37
නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.
ජනතාවම අද පාර්ලිමේන්තුව දෙස බලා සිටිනවා. කවුරු හරි විපක්ෂයේ කෙනෙකු රට බාරගන්නාව නම් අපි සහය දෙනවා.ජනතාව වෙනුවෙන් සිදුවිය හැකි ඕනෑම වෙනසකට අපි කැමතියි
10.30
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කතාවක් පවත්වමින් දන්වා සිටියේ අපි 14 දෙනාම අද සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව වනවා ලෙසිනි.හදිසි නීතිය පැනවිම ඉතා අහිතකර තත්වයක් බවත් රට ගොඩනගන්නට සියලු දෙනා එක්වී තීරණයක් ගතයුතු බවත් දන්වා සිටියේය.
10.25
අන්තර් ආන්ඩුවක් පිහිටුවා ප්රශ්නය විසඳන ලෙස විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
10.23
රජය ඉවත්විය යුතු බව දන්වා සිටි විමල් වීරවංශ තමා ඇතුළු පිරිසක් මෙතෙක් සිටි ආකාරයට 16 ක් ස්වාධීන වන බව දන්වා සිටියේය.
10.20
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්වාධින වන බව අනුර යාපා මන්ත්‍රීවරයා ප්රකාශයක්කරමින්දන්වා සිටි අතර ඒ අය නැගිටින බව කියා සිටියේය එම අවස්තාවේ 12 දෙනෙක් නැගී සිටියහ.
10.14
අද (5) පාර්ලිමේන්තු සභාව ආරම්භ වූයේ විශේෂ බල වෙනසක් සම්බන්ධ ඉඟි සමගිනි. අද දින ඊයේ කැබිනට් ඇමති ධූරයන්හි පිහිටවූ ජොන්ස්ටන්, දිනේෂ්,සබ්රි ,ජීඑල් හා අගමැති මහින්දද පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.
පාර්ලිමේන්තුව ආරම්භයේදීම අද දින සාකච්ඡාවට ලක්කරන කරුණු සම්බන්ධයෙන් (ක්‍රීඩා අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය) ඇතුළු සාකච්ඡා කරන බව කථානායක දන්වා සිටියේය.
නමුත් විපක්ෂයේ රනිල්,අනුර කුමාර,කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඇමතිවරු නැතිව පාර්ලිමේන්තුව ගෙනයා නොහැකි බවයි.
මේ ගැන දිනේෂ් හා ජොන්ස්ටන් තර්ක කළේ එසේ නැතිව හැකි බවයි.
April 05 - Parliament LIVE
0 Comments