australia-canbara-protest

 ශ්‍රී ලංකා රජයට සහ  රජයේ  වර්තමාන පිළිවෙතට   විරෝධය පළ කරමින්  කැන්බරා නුවර  ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද  උද්ඝෝෂණයක් අද (3) කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය  ඉදිරිපිට දී පැවත්වුණි.

  විශාල ජන සහභාගීත්වයකින්  පැවැති මෙම උද්ඝෝෂණයේදී වර්තමාන රජයේ ක්‍රියාකාරිත්වය හෙළා දුටු අතර මිරිහානේ සාමකාමී උද්ඝෝෂණයට පහර දීම,  හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම්,  මහජනතාව දුක්  විඳිද්දී පාලකයින් සුර සැප විඳිීම,  පාලකයින් මහා මහජන දේපල සූරාකෑම් සහ හොරකම් කිරීම ඇතුළු තවත් බොහෝ  ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් පාඨ පුවරු  ප්‍රදර්ශනය විය.