black-live-matter-fund

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙනකළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් බව පවසමින් ක්‍රියාත්මක 'බ්ලැක් ලයිව්ස් මැටර්” සංවිධානයේ නායකයන් එම ක්‍රියාකාරකම් වෙනුවෙන් හිමිවුණු මුදල් ප්‍රදාන සුඛෝපභෝගී මන්දිර මිලදී ගැනීම සදහා යොදාගෙන ඇතැයි අනාවරණය වන බව එරට මාධ්‍ය පවසයි. 



එරට නිව්යෝක් සගරාව මගින් පසුගියදා මේ පිළිබඳව කරුණු හෙළිදරව් කර තිබේ. ඒ අනුව බිලැක් ලයිව් මැටර්’ සංවිධානය වෙත හිමිවුණු මෙම ප්‍රදාන අතරින් එක්සත් ජනපද ඩොලර් මිලියන 6 ක් වැයකරමින් එහි නායකයන් මෙලස දකුණු දිග කැලිෆෝනියාවේ පිහිටි සුඛෝපභෝගී මන්දිරයක් මිලදී ගැනීම සිදුකර ඇතැයි සඳහන් වෙයි. 2020 වසරේදී එක්සත් ජනපදයේ මිනෙසොටා ප්‍රාන්තයේ මින්නෙආපොලිස්හිදී පොලිස් නිලධාරියකු අතින් ජෝර්ජ්  ෆ්ලොයිඩි නම් කළු ජාතික පුද්ගලයෙකු ඝාතනයට ලක්වීමත් සමග එරට තුළ මෙම 'බිලැක් ලයිව්ස් මැටර්' සංවිධානයේ විරෝධතා දරුණු ලෙස ව්‍යාප්තවීම සිදුවිය.

එසේම එම විරෝධතා පසුව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද ඇතුළුව යුරෝපයේ රාජ්‍යයන් වෙතද ව්‍යාප්ත විය. මෙම අවස්ථාවලදී ලොව නන් දෙසවෙසෙන පුද්ගලයන් සහ සංවීධාන රැසක් මෙම 'බිලැක් ලයිව්ස් මැටර්' සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රදාන සිදුකර තිබේ. ඒ අනුව මෙම මුදල් යොදා ගනිමින් එහි නායකයන් මෙම සුඛෝපභෝගී මන්දිරය මිලදී ගෙන තිබෙන බව එම සගරාව පවසයි. දැනටමත් මෙම සංවිධානය සිය අරමුදල සම්බන්ධයෙන් සිදුකළ අවකළමනාකරය සම්බන්ධයෙනුත්මක්සත් ජනපද අධිකරණය තුළ විමර්ශනයක් සිදුකෙරෙමිවතිදි මෙම අනාවරණය සිදුවීමත් විශේෂත්වයකි. මෙහිදී 'බිලක් ලයිව්ස් මැටර් සංවිධානයේ සම නිර්මාතෘවරියක වන පැට්‍රිසියා කුලර්ස්, අලිසියා ගාර්ස් මෙලින් අබ්දුල්ලා යන තිදෙනා 2021 වසරට යෙදුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයේ වර්ෂ පූර්ණය සැමරීම සිදුකර ඇත්තේද එම මන්දිරය ඉදිරිපිටදී බව එම සගරාව වැඩිදුටත්ව පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මන්දිරය මිලදී ගත් සිය නායකයන්ගේසුඛ විහරණය සදහා නොවන බව ප්‍රකාශ කර තිබේ.