Blocked-social-media-for-the-security-of-the-country-Government-admits

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කරන ලද බව තාක්ෂණ
අමාත්‍යාංශය සඳහන් කර තිබේ.


පසුගියදා මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ ‘අරාබි වසන්තයක් පතන අන්තවාදීන්ගේ ‘කලහකාරී තත්වය හා ‘3 වනදා සවස 3‘ යනුවෙන් සමාජ ජාලා ඔස්සේ රජයට එරෙහි කැරැල්ලක් සඳහා පැවති සූදානම හේතුවෙන් එවැනි කැරළි සඳහා සමාජ මාධ්‍ය උපකාර කරගනීවි යන සැකය මත ආරක්ෂක අමාත්‍යංශය කළ දැනුම්දීමකට තාක්ෂණ අමාත්‍යංශය විදුලි සන්දේශ නියාමන කොමිසම මගින් සියලු අන්තර්ජාල සේවා සපයන්නන් වෙත නැවත දැනුම් දෙනතුරු සමාජ ජාලා අවහිර කරන්නට නියෝග කර තිබේ.
මේ අනුව ෆේස්බුක්, යූටියුබ්‍, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර්, ටෙලි ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිිර කරන්නට දේශීය අන්තර්ජාල සේවා සපයන ආයතන කටයුතු කර තිබේ.