පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අභිමානය ජනිත කරවූ ප්රබල ප්රවර්ධන ගීතයක් බවට පත්වූ ‘වැඩ කරන අපේ විරුවා‘ ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ හා එය ගායනා කළ චතුල ඉන්ද්රචාප සිය නිර්මාණය නිසා පත්ව ඇති අපහසුතාව ගැන සමාව ඉල්ලා සිටින බව සටහන් කරමින් ෆේස් බුක් පෝස්ටු පළ කර තිබේ.
පසන් ලියනගේ පවසන්නේ
‘සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...
දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! ‘ ලෙසිනි.
චතුල ඉන්ද්රචාප පවසන්නේ
ඔව්, මන් කලේ Job එකක්!! Job එක - වැඩ කරන අපේ විරුවා සිංදුව voice කිරීම. ඒකට මං ගත්තේ මගේ voice එකට payment එකක් විතරයි..දැන හෝ නොදැන හැම මිනිහටම වරදිනවා. මුන් ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ සාක්කුවට පුරෝගත්ත හිඟන්නු. මේ එකෙක් වත් හරියන්නේ නෑ.
එම සම්පූර්ණ සටහන් පහතින්
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ - අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
ජන හද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ - ගුනදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා
විස්මිත ලෙසින් - විස්කම් මවා හෙලයේ අභිමානේ -පෙන්වා දෙමින් මුලු ලොව දිනා
අප හා යන ගමනේ ලොව නන් දෙසින් ආවත් මෙසේ බාදක හැම වේලේ
ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවානනේ
දිඳුනන බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
භිය සැක නැතී යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා වෙනකෙකු නැතී ඔබ හැර අපේ අනාගතය සදනා
වැඩ කරන අපේ විරුවා ගෝඨාභය මව්බිමට පෙමින් සැමදා ගෝඨාභය
රට රකින කෙනෙක් වේනම් ගෝඨාභය ඒ ඔබයි උතුම් මිනිසා ගෝඨාභය
0 Comments