
දුරකතනයෙන් කතා කර මවකට හා දියණියකට අයුතු යෝජනා සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොකාවිල් යුද හමුදා කඳවුරේ සාජන් මේජර්වරයෙක් කළුතර කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඉකුත්දා (09) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.මොහු පළමුව මවටත් ඉන්පසු දියණියටත් වශයෙන් දිනපතා රාත්‍රි කාලයේ කතා කර ලිංගික යෝජනා සිදුකළ බවට ලද පැමිණිල්ලක් අනුව බුද්ධි මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පවුලේ ගෘහ මූලිකයා විදෙස් රැකියාවක නිරතව සිටින බවත් ඔවුන්ගේ වැඩිමහල් දියණිය විවාහවී බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර සැකකරු එම නිවස අසල පදිංචිකරුවකු බවත් පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබුණි.
මොහු මෙම පැමිණිලිකාර මවගේ දුරකථන අංකය සොයාගෙන ඇත්තේ එම අසල්වැසි වැඩිමහල් දියණියගේ නිවසින් විය හැකි බවට පොලිසිය සැක කරයි. සැකකරු පෙරේදා (10 වැනිදා) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval