පාර්ලිමේන්තු සභා වාරයේ පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පොහොර ගේන්න තිබ්බ සල්ලි ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දාපු හැටි මෙසේ හෙළි කළේය.
'' මම කැමති දැනගන්න කීයක් භාණ්ඩාගාරයට බදු වශයෙන් ගෙවනවද කියලා....මේ මිලියන 1600 ඇතුලේ භාණ්ඩාගාරයට පැල් බද්ද හැටියට සහ අනිකුත් බඳු හැටියට ඔබතුමාලා ගෙවනවද කියන එක මම දැනගන්න කැමති....2015 ජනාධිපතිවරණයෙන් පස්සේ මමයි විදුලි බල හා ජන ශක්ති ඇමති උනේ ඒ අවස්ථාවේද අපි කෝටි 6700කින් බිලියන 67කින් මේ රටේ තෙල් මිලේ තිබ්බ අනවශ්‍ය බදු ඉවත් කරලා ජනතාවට අවශ්‍ය සහන දුන්නා....
රුපියල් 154ට තිබිච්ච පෙට්ට්‍රල් අපි 117ට ගෙනාවා,134ට තිබ්බ ඩීසල් 95ට ගෙනාවා...අපි කැමති මේ පාඩුව ගැන කතා කරලා වැඩි කරනකොට මහා භාණ්ඩාගාරය කොපමන බද්දක් දිනකට අයකරනවද කියලා දැනට තියෙන ඉන්ධන පරිභෝජනයෙන් මොකද දවසකට 5500ක් ඩීසල් පාවිච්චි කරනවා
දැන් විදුලි බල නිපදවීමත් එක්ක ඕක 7000කට පමණ වැඩි වෙලා ඇති,ඒ වගේම පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 3500ක් විතර භාවිත වෙනවා...අන්න එතකොට අපිට වටහගන්න පුළුවන් නියම පාඩුව මොකක්ද කියලා..ඒ වගෙම අපේ ගුවන් යානා භාරව ඉන්න අපේ ඇමතිතුමා මේ සභාව නොමග යවන ප්‍රකාශයක් කලා මේ සභාවට ගෙනාවා ඔය කියන ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සභාපතිතුමා එතුමා පිළිගත්තා 2012-2013 කාලයේ ගෙනාපු එයාර් බස් වලින් සිදුවෙච්ච අකටයුතු ගණුදෙනුව නිසා ඩොලර් බිලියනයක් මේ රටට පාඩු වෙලා තියෙනවා කියලා.....ඒ වගේම මේ ලාභය උපයපු හැටි ඒ සභාපතිතුමා පෙන්වලා දුන්නා....
මතක තියාගන්න රට පත් වෙලා තියෙන්නේ ගුවන් යානා 21ක් මිලදී ගන්න හෝ ලීස් ඇග්‍රිමන් දියුණු කරන්න පුළුවන් තත්වයක නෙවෙයි....අද මේ රටේ ජනතාවට ඖෂධ නැතුව ,ඉන්ධන නැතුව ,විදුලි බලය නැතුව ,ආහාර අවශ්‍යතා ටික නැතුව ජීවත් වෙන රටක්...2012-2013 කාලේ ඩොලර් බිලියනයක් නැති කලානම් අද මේ කරන දෙයින් යන වගකීම කාටද යන්නේ කියලා මම දැනගන්න කැමති....
ඒ වගේම එතුමා කිව්වා රජයේ බදු මුදල් සතයක්වත් අරන් නෑ කියලා නමුත් 2021 මාර්තු මාසයේ කැබිනට් පත්‍රිකාවක් දාලා ඔය ගුවන් සේවා සමාගමේ ණය ගෙවන්න ඩොලර් මිලියන 500ක් දුන්නා එතුමා පිලිගත්තා කෝප් එකේදි එයින් 150ක් අපි ගත්තා කියලා...මේ රටේ ජනතාවට පොහොර ගෙන්න තිබ්බ ඩොලර් මිලියන 150ක් ශ්‍රි ලංකන් එකට දීලාතමයි මේ රටේ ගොවි ජනතාව අද මේ තියෙන තත්වයට පත් උනේ...........''
0 Comments