සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ වර්ධනය මේ වසරේදී පෙර බලාපොරොත්තු වූ මට්ටමට වඩා මන්දගාමී වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

සිය නවතම Asian Development Outlook ආර්තව ඉදිරිපත් කරමින් ඊයේ (06දා) දිනයේදී එම බැංකුව මේ බව සදහන් කර තිබේ. විශේෂයෙන්ම COVID-19 වසංගතයේ බලපෑමෙන් කඩා වැටුණු මෙම කලාපයේ ආර්ථිකයන් යථා තත්වයට පත්වීම් රුසියානු - යුක්රේන යුද ගැටුම් හේතුවෙන් යළිත් අර්බුදයට ලක්වීම මේ සදහා හේතුව බව මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.ම

ෙහිදී චීනය සහ ඉන්දියාවේ ආර්ථිකයගේ ඒකාබද්ධ  වර්ධනය 5.2%ක් වනු ඇතැයි සඳහන් වෙයි. එහෙත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව මගින් එය 5.3%ක් ලෙස සටහන් කර තිබුණි. එසේම මෙය පසුගිය පසුබැසීමක් ලෙසද නම් කෙරී ඇත. "රුසියාවේ මේ යුක්රේන ආක්‍රමණිය, තවමත් COVID-19 වසංගතය නිසා පීඩාවට පත්ව සිටින දියුණු වෙමින් පවතින ආසියාවේ ඉදිරි දැක්ම වෙත දරුණු ලෙස බලපා තිබෙනවා.” යැයි ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී සදහන් කරයි.මීට අමතරව තවත් සාධක රැසක් මෙම කලාපයේ ආර්ථික වර්ධන ඉදගත්ම සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයිද එම බැංකුව පවසයි.

ඒ අනුව පාරිභෝගික මිල ගණන් ඉහළ යැම සහ එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහළ නැංවීම හරහා ඇතිවිය හැකි මූල්‍ය ස්ථාවරයේ අවදානම මෙන්ම තවදුරටත් මතුවිය හැකි දරුණු COVID-19 ප්‍රභේදයන්ද ඊට දායක වනු ඇතැයි එහි සදහට තිබේ.මේ අතර ආසියානු කලාපය සම්බන්ධයෙන් 2022 වසර සදහා වන උද්ධමන පුරෝකථනයද 3.7%ක් වන බව ආසියානු සංවර්ධන බැකුව සදහන් කරයි. විශේෂයෙන්ම බලාපොරොත්තු වූ අගයට වඩා ඉහළ යමින් පවතින පාරිභෝගික මිල ගණන් මේ සඳහා හේතු වී තිබේ. මෙය මීට පෙර 2.7%ක් ලෙස පුරෝකථනය කර තිබුණි. එසේම 2023 දී මෙම උද්ධමනය 3.1%ක් වනු ඇතැයි සදහන් වෙයි.