Unprecedented-permanent-roadblocks-to-Colombo---Troops-summoned

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් සඳහා වෙන කවරදාවත් නැති ලෙස ස්ථිර මාර්ග බාධක යොදා සම්පූර්ණයෙන්ම වසා තබා ඇති බව වාර්තා වෙයි.
නිදහස් චතුරස්‍රය පිවිසුම් මාර්ගය එලෙස යකඩ බට යොදා මුලුමනින්ම වසා දමා ඇති එක් ස්ථානයකි.


මේ අතර ඊයේ පැතිරගිය තහවුරු නොකළ ආරංචියකින් කියැවුණේ සීගිරියේ ස්ථානගත කර තිබුණ 53 වන සේනාංකය කොළඹ බලා එන්නට පිටත් වී තිබෙන බවකි.
 එය යුධ පෙරමුණේ සටන් කළ සේනාංකයකි.
 මහම‍ඟ විශාල හමුදා රථ ගමන් කරනු දක්නට ලැබුණ අවස්ථා කිහිපයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ හුවමාරුවී තිබිණි.
මෙම බාධාවන් පිහිටුවීමේ අරමුණ විශාල මහජන කැරැල්ලක් ඇතිවුවහොත් මැඩපැවැත්වීම බවට අනුමාන කෙරේ. මේ වනවිටත් ඇඳිරි නීතිය නොතකා මහරගම, ටොරින්ටන් ඇතුළු ප්‍රදේශ කිහිපයකින් විරෝධතාද වාර්තාවී තිබේ. පෙනී යන තත්වය අනුව ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරෙන ස්වරූපයක්ද දක්නට ඇත.