පාස්කු ප්‍රහාරය ගැන ඊයේ (21) මැල්කම් කාදිනම් රංජිත් හිමිපාණන් සිදුකල ප්‍රකාශය...
''එදා සිට අද දක්වා අපි ඇසු හා අසන ප්රශ්නය වන්නේ මේ අහිංසක ජනතාවට සිදු වූ ඛේදජනක විනාශය පිටුපස සිටින්නේ කවුද යන්නයි...මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීමට විවිධ අවස්ථා වලදී පත්කරන ලද විමර්ෂණ මණ්ඩල තේරීම් සභා හා කොමිෂන් සභා වල දැක්වෙන දෑ හෙලි වෙමින් තිබෙනවා.මේ වර්තා වලට අනුව මේ කුරිරු ක්රියාදාමයේ පළමු කතෘන් ලෙස සහරාන් හෂීම් ත්රස්තවාදියා හා ඔහු සමඟ සිය දිවි නසාගත් බෝම්බ කරුවන් හය දෙනා සිටි බව පැහැදිලි....
මේ ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමිය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබු බවට එළිදරව් වෙමින් තිබෙනවා...
ඒ කරුණු වෙතද අපේ අවදානය යොමුකලයුතු වෙනවා...මෙවැනි කුමන්ත්‍රණයක් තිබු බවට හිටපු නීතිපත් දප්පුල ද ලිවේරා 2021 මැයි මස 7 වන දින පැහැදිලි ප්‍රකාශයක් කල බවට සඳහන් වනවා...එලෙසම සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදි නැඹුරුව ගැනද , ඔවුන් සතුව තිබු ආයුධ ගබඩාව ගැනද ප්‍රහාරයට පෙර දැනගෙන සිටියදි එලෙසම ඉන්දිය ඔත්තු සේවා මේවා සිදුවන්නට පෙර හතර වතාවක් ආරක්ෂක අංශ හා රහස් ඔත්තු සේවාවට දැනුම් දී තිබියදී ඔවුන් හිරභාරයට ගෙන ප්‍රශ්ණ කිරීමට එම සේවා ක්‍රියා නොකලේ මන්ද යන්න තවම විසදුමක් නැති අභිරහසක් ලෙස අප ඉදිරියේ දිස්වෙනවා..
ඒ අතරම කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් හා හමුදා බුද්ධි අංශ අතර සම්බන්ධතාවයක් තිබු බවට පිළිගැනීම හා ඔවුන් හමුදා බුද්ධි අංශ වලින් වේතනයක් ලබාගත් බව කියා සිටිමෙන්ද ටාජ් හමුද්රා හෝටලේ බෝම්බයක් පුපුරවා ගැනීමට පැමිණි ජමීල් නැමැත්තා ගැන එම අංශය දැන සිටියා පමණක් නොව එදිනම සිය බෝම්බය දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුල පුපුරවා ගන්නට ප්‍රථම ඔහු සොයා ඔහුගේ නිවසටම හමුදා බුද්ධි අංශ ක්‍රියා කල බව ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් සනාථ වීමෙන්ද බුද්ධි අංශ මේ ප්‍රහාරය කල අයද ප්‍රහාරයෙ වතගොත ගැනද කලින් දැනසිටි බවට සනාථ වීමෙන්ද ඔවුන් මෙය වලක්වා ගැනීමට කටයුතු නොකලේ ඇයි දැයි අපට බරපතල ප්‍රශ්ණයක් මතු වෙලා තියෙනවා....
ඒ අතරම හිටපු ජනාධිපත් සිරිසේන මහතා ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කරන ලෙස වනාතවිල්ලුවේදි 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සොයාගනු ලැබු විශාලතම පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැන දැනුවත්ව සිටියදිත් ඒ ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසිය යුතු උවත් එය නොකැද වීමද සහරාන් හෂීන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් නිළධාරින් ඔහුගෙන් ඉල්ලා සිටියදි ඒහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා කියමින් ඒ අදහසට එකඟ නොවීමද ජනාධිපති කොමිසන් සභා වාර්තාව තුළ සඳහන් වනවා...''
0 Comments