china-pention-scheme

චීනය තුළ තව පොද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා වන සැලසුම් ඉදිරිපත් කිරීමට එව්ව බලධාරින් ඊයේ (21දා) පියවර ගත් බව වාර්තා වෙයි. විශේෂයෙන්ම එරට තුළ ක්‍රමයෙන් ඉහළ යන වයස්ගත ජනගහනයේ අනාගතය වඩාත් සුරක්ෂිතභාවයට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය හරහා එරට පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගිණුමක් තුළ සිය අරමුදල් ඉතිරි කිරීමට සහ ඒවා මූල්‍ය නිෂ්පාදන තුළ ආයෝජනය කිරීම සදහා අවස්ථාව සලසාදීම මෙහිදී සිදුවන බව පැවසෙයි.මෙම නව සැලසුමට අනුව සේවකයන්ට වර්ෂයකට යුආන් 12,000ක් දක්වා වන මුදලක් මගින් මෙලෙස සිය විශ්‍රාම අරමුදල වෙත දායකත්වය ලබාදිය හැකිය. කෙසේ වෙතත් චීනයේ සේවක වෙළද පොළ සිටින බොහෝ පුද්ගලයන්ට මෙම මුදල දරා  ගැනීමට නොහැකි වනු ඇතැයි යන්න අදහස වී තිබේ. මේ අතර මෙම නව ක්‍රමවේදය හරහා පොද්ගලික විශ්‍රාම ගිණුම් තුළ රැස්වවන අරමුදල් ඉදිරියේදී බැකු සතු වත්කම් වර්ධන නිෂ්පාදන, තැන්පතු සහ පොදු අරමුදල් යනාදී හඳුනාගත් මූල්‍යමය නිෂ්පාදන තුළ ආයෝජනය කිරීමේ අවස්ථාවක් පවතින බවත් රජය දැනුම් දී සිටියි.මෙම පෞද්ගලික විශ්‍රාම අරමුදල් වෙළද පොළ සම්බන්ධයෙන් සිදුකර ඇති ස්වාධීන උපදේශනාත්මක ඇස්තමේන්තුවකට අනුව 2025 වසර වනවීට එම අරමුදල එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.7ක් දක්වා වර්ධනය වෙනු ඇතැයි ගණන් බලා තිබේ.

අද වනවිට එය එක්සත් ජනපද ඩොලර් බිලියන 300ක මට්ටමේ පවතී. දත්ත වාර්තාවලට අනුව තවත් වසර 20ක කාලයකදී චීනයේ ජනගහනයෙන් 28%ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවට පත්වීමට නියමිතව තිබේ. වර්තමානයේදී එය 10%ක ප්‍රතිශතයක් ගනී. විශේෂයෙන්ම චීනය අද වතට වයස්ගත ජනගහනය වේගයෙන් ඉහළ යන ලොව මුල් පෙළේ රටක් ලෙස හඳුනාගෙන ඇත.