දිවයිනටම ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ මගී දුම්රිය ධාවනය කෙරෙන්නේ නැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අත්‍යවශ්‍ය සේවා වන ඛණිජ තෙල් ප්‍රවාහන දුම්රිය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද දිනයේ රාත්‍රී තැපැල් දුම්රියන් හැර මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත අනෙකුත් සියලු දුම්රියන් අදාළ ගමනාන්තය තෙක් සාමාන්‍ය පරිදී ධාවනය වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඇඳිරි නීති කාලය තුළ පුද්ගලික බස් ධාවනය නොවන අතර අද දිනයේ සැලසුම් කල අවසන් ගමන් වාරය දක්වාම ලංගම බස් ධාවනය කෙරෙනු ඇති.
අප්‍රේල් 3 වනදා පවත්වන්නට නියමිතව තිබූ සියලු දහම් පාසල් විබාගද කල් දමා තිබේ.
මේ අතර විදේශගතවීම සඳහා ගුවන් තොටුපළට යන මගීන්ට සිය ගුවන් ප්‍රවේශපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.
ඇදිරි නිති සමයේ අවසර ගැනීම සිදු කළ යුතු ආකාරය ගැන පොලිස් නිවේදනය පහතින්
0 Comments