ඊයේ රාත්රී සිට සිපෙට්කෝ ඉන්ධන මිල නොසිතූ ලෙස විශාල මිල ගණනක් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අප්රසාදයට පත්ව ප්රදේශ කිහිපයක විරෝධතා ආරම්භ කර තිබේ. ජනතාව පෙන්වා දෙන්නේ මේ ආකාරයට මිල වැඩිවීමක් දරාගන්නට බැරි බවත් මේ නිසා අන් සියලු දේ මිල ඉහළ යන නිසා ජීවත්වන්නට බැරි බවත්ය.
බලංගොඩ,රත්නපුර, රඹුක්කන, හලාවත, ගාල්ල,මාතර, බද්දේගම, මාදම්පේ, හිඟුරක්ගොඩ , මහනුවර , ගම්පොළ ,කෑගල්ල, අවිස්සාවේල්ල මතුගම ඇතුලු නගර ගණනාවක මෙම සිදුවීම් වාර්තා විය. මහියංගන – මහනුවර මාර්ගය දිගන නගරයෙන් අවහිර වී තිබෙන අතර පානදුර නගරයෙන් ගාලු පාර අවහිර වීඇත. බදුල්ල – කොළඹ මාර්ගය හපුතලෙන් අවහිර වී තිබේ.
ඇතැම් තැනක බස් රථ පාර හරහා අවහිර කර නිරෝධය වාර්තාවූ අතර තවත් තැනක පාරේ ටයර ගිනි තැබීම් වාර්තා විය.
මේ අතර බොහෝ බස් රථ අද දින දාවනයෙන් ඉවත්වී මෙම වැඩිවීමට විරෝධය පළ කරන ලද බවද වාර්තා විය.
විරෝධතා නිසා රථවාහන ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත.
0 Comments