ගාලුමුවදොර පිටියේ විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව නමින් පසුගිය 15 වැනි දින සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භකළ අතර එහි ඉදිකොට තිබු කුඩාරමක් පොලිසිය විසින් අද (17) උදැසන ඉවත්කිරිමට යාමේ දි දැඩි උණසුම්කාරිතත්වයක් මතුව තිබේ.
වාර්තාවන ආකාරයට ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය (බිග් මැච්) නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කරගන්නා ලෙස පොලිසිය විරෝධතාකරුවන්ට පවසා ඇත.
විරෝධතාකරුවන්ගෙන් ඊට විරෝධය පලකිරීම නළත් පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කළේය.
උදේ හයට පොලිසිය වැඩ පටන් ගත් ආකාරය වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.මෙම සිද්ධියත් සමග විරෝධතාකරුවන්ට සහාය ලබාදිම සදහා නිතිඥ කණ්ඩායමක්ද පැමිණ සිටියහ. එම නිතිඥ කණ්ඩායම පොලිස් නිලධාරින් සමග සාකච්ඡාවක් ආරම්භකොට ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා විරෝධතාවට බාධාවක් නොමැති අතර එය නොනිදන අරගලයක් ලෙස තවදුරටත් ක්‍රියාත්මකය.
0 Comments