gammanpila-speaks


සමගි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (18) පැවසීය. විශ්වාසභංගය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බවට තහවුරු කරගැනීමට මන්ත්‍රීවරුන් 113 ක සහයෝගය තිබේ යැයි

සහතික කිරීම සහ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලීන සර්වපාක්‍ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම එම කොන්දේසි දෙක බවත්  මන්ත්‍රීවරුන් 118 දෙනකු සිටියදී හතරගාතයෙන් වැටී සිටින ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පරාජය කළහොත් නැවත ශක්තිමත්වීම නිසා විශ්වාසභංගයක් විශ්වාසයෙන් ගෙන ආ යුතු බවත් ගම්මන්පිල මහතා කීය.

මන්ත්‍රීවරුන් 46 දෙනකු පමණක් සිටින සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාව පිළිබඳව සෙසු පක්‍ෂ සමග මේ දක්වා සාකච්ඡා කර නොමැති බව කී උදය ගම්මන්පිල මහතා විපක්‍ෂය විශ්වාසභංගයේ දී ඕනෑම දෙයකට මුහුණදීම සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනකු පමණ සූදානම් කරගත යුතු බව සඳහන් කළේය. වර්තමාන අර්බුදයට විසඳුමක් ලෙස බොහෝ දෙනකු යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අඩුවේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොරොන්දු වූ බවද උදය ගම්මන්පිල මහතා කීය.



සංශෝධන සහිත 19 වැනි සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළහොත් ස මත කරගැනීමට මාස අටක පමණ කාලයක් ගතවන බව කී උදය ගම්මන්පිල මහතා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර එය ආඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට කතානායකවරයා කටයුතු කරන බවද සඳහන් කළේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ  ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පාර්ලිමේන්තුවේ දී  ඊයේ (18) පැවැති විශේෂ හමුවේ දී එම පොරොන්දුව ලැබුණු බව ගම්මන්පිල මහතා කීවේය. ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


-යොහාන් භාසුර-