gemunu-speaks

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 35කින් ඉහළ දමන බව ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.එසේම අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ නංවන බවද සඳහන් කරයි. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මෙම තිරණය ගත් බව


ගැමුණු විජේරත්න මහතා පැවැසීය. පවතින තත්වය යටතේ සියලුම බස් ගාස්තු සියයට 50කින් පමණ ඉහළ දැමීමට සිදුවිය හැකි බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.  

අයි. ඕ. සී. ඉන්ධන හල් පමණක් මිල ඉහළ දැමුවද පවතින තදබදය සහ ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල් නොමැතිවීමෙන් අයි. ඕ.  සී. පිරවුම් හල්වලින් වැඩි කළ මිලට ඩීසල් ලබා ගැනීමට සිදුවන බවද ඔහු කීවේය. කෙසේ වෙතත් බස් සංගම් මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් අපේක්ෂා නොකරන බවද ඔහු පැවසීය. කෙසේවුවද නිසි ක්‍රමවේදයක් සකස් නොකළහොත් ජූලි මාසය වනවිට බස් ගාස්තු සංශෝධනය ඉහළ අනුපාතයකින් සිදුවනු ඇතැයිද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.