* ගෙවී ගිය කාලය ගැන මොකද හිතන්නේ
ගෙවී ගිය කාලය හීනයක් වගේ. හිතුවොත් නෑ. ආපසු හැරී බලන කොට මම මාස හයක් බෙහෙත් අරගෙන තියෙනවා. මගේ බිරිඳයි මගේ දරුවොයි විශාල කැප කිරීමක් කළා. බිරිඳ මා සමගයි ඉන්නේ. ඒ වගේම අපිට කෑම බීම උයලා ගෙනත් දෙනනේ දුවලා දෙන්නා සහ බිරිඳගේ සහෝදර සහෝදරියන්. ඔවුන් මාව තනි කළෙ නැහැ. මගේ බිරිඳගේ පවුලේ අයගෙනුත් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම විදෙස් රටවල ඉන්න මගේ යාළුවෝ. මේ රටේ ඉන්න මගේ යාළුවෝ මම ආර්ථික වශයෙන් ලොකු ශක්තියක් වුණා. මාස හයක් විතර මේ වගේ ගෙවීම් වාට්ටුවක මෙහෙම ඉඳලා මෙහෙම දෙයක් කර ගන්න බැහැ.
ඇත්තටම මට ආර්ථික වශයෙන් එහෙම ශක්තියක් තිබුණේ නැහැ. කලාකරුවෙක් විදිහට මම එහෙම විශාල මුදල් එකතු කරලා තිබුණ මිනිහෙක් නෙමෙයි. මම සරලව ජීවත් වෙන්ට මනුස්සයෙක් හින්ද එක පාරටම මේ තත්ත්වයට මුහුණ දෙන්න. මුලින්ම අමාරු වුණා. නමුත් මාව එතැනදී හැමෝම දිරිමත් කළා වගේම උදව් උපකාර සිදු කළා. මම මේ වෙලාවේ මට උපකාර කළ සියලූ දෙනාටම දිවයින පත්තරය හරහා මගේ අවක ආදර ස්තුතිය වගේම පින් අනුමෝදන් කරනවා. මේ වගේ තත්්ත්වයකට පත්වුණ මාව අසරණ කරන්නේ නැතිව මට ශක්තියක් වීම ගැන.
* මුහුණු පොතෙන් කුකුලා මුදලාලි තනි කළේ නැහැ නේද?
තනි කළේ නැහැ. මම මුහුණු පොතේ නැහැ. මගේ දුවටයි පේ්ජ් එකක් හදලා ඒ දේවල් කරන්නේ. කවුරු හරි දෙයක් දැම්මහම ඒක පිළිබඳව ඔවුන් මට පෙන්වනවා. මම මේ තරම් මිනිසුන්ට ආදරණීය චරිතයක් කියලා දැන ගත්තේ මම අසනීප වුණාම පස්සේ. ඒ වගේම මම ජීවත් වන බොරලැස්ගමුවේ පුබුදු මාවත කියන පාරේ සියලූ දෙනාම මට ලොකු බෝධි පූජාවක් පවා සිද්ධ කළා.
* ඔය අතරේ කුකුලා මුදලාලි නැති වුණා කියලත් කතාවක් පැතිරුණා නේද?
ඒ ගැන නම් පොඩි දුකක් ආවා. ඇයි මේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට මෙහෙම කරන්නේ කියලා. මොකද සමහරු මටම කතා කරලා කියනවා උඹ මැරිලා කියලා. ඔන්න පොස්ට් එකක් යනවා කියලා එහෙම කිව්වහම පුංචි දුකක් ඇති වුණා.
නමුත් ඒක එක පාරක් දෙපාරක් නෙමෙයි පස් පාරක් විතර සිද්ධ වුණානේ. ඒ වෙනකොට ඒක මට බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ඒක ගැන හිතන්න දෙයක් නැහැ. එහෙම මිනිස්සු ඉන්නවානේ කියලා හිතා ගත්තා. මට ආශීර්වාදයක් වුනා කියලයි හැමෝම කියන්නේ. ඒක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. එවැනි දෙයක් දැම්මහම ඒකට විරුද්ධවත් කතා කරපු බොහෝ අය හිටියා. ඒක මම අතහැරියා. එක පුද්ගලයෙක්ගේ මේක කරන්නේ කියලා ඒ සියල්ල මම අමතක කරලා දැම්මා.
දිනේෂ් විතාන
0 Comments