අනුරාධපුර ප්රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්රියේ
විරෝධතාකරුවන් විශාල ප්රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්රදේශයේ දැඩි උණුසුම්
තත්වයක් ඇතිවී යයි වාර්තාවේ.
රටේ සියලු තීන්දු තීරණ පසුපස සිටිමින් ජනපතිගේ ප්රධාන උපදේශිකාව ලෙස සැලකෙන, ඒ නිසාම විශාල සැලකිලි හා ආරක්ෂාවක් ලැබී ඇමතිවරියක ලෙස කල්ගත කරන බව කියන ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර පිහිටි සුඛොපබෝගී නිවසට කඩා වැදී විරෙිධය පැමට පිරිස කටයුතු කර තිබේ.
ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.
අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව කාන්තාවගේ නිවසට හා අවට ප්රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර නිවස ගල් ප්රහාර නිසා අලාබ සිදුවූ බවට වාර්තා තිබේ.
0 Comments