සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.තිසර අනුරුද්ධ බණ්ඩාර නම් ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අතර
මෙම තරුණයාඊයේ (01) රාත්‍රියේ මෝදර පොලීසියේ කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් ඇති බවට මුලින් වාර්තාවිය. පසුව මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආබව පවසා තිබුණි.
තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකරන බව පැවසේ.
කෙසේ වෙතත් GoHomeGota2022 ෆේස්බුක් Group එක ඊයේ දිනයේ පටන් Archive කර තිබීමද විශේෂත්වයකි.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවවෙත පැමිණිලි කර තිබුණි.
අද 2 වනතෙක් අතුරුදන්ව සිටි බව පැවසුණ සමාජ ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද 2 දහවල් දැනුවත් කර තිබුණි.
0 Comments