gov-service-stationary

රාජ්‍ය සේවය තුළ විශාල ලිපි ද්‍රව්‍ය හිඟයක් ඇති වෙමින් තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය සේවයේ වැඩ කටයුතු සිදුකිරීමේදී විවිධ බාධාවන් ඇති වෙමින් තිබෙන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. දිනපතා මෙම ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ආයතන මට්ටමින් හෝ මෙම ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි

තත්වයක් ඇති වී තිබෙන බවත්, මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවත් එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා පැවසීය. මේ වනවිට ලියුම් කවර,පොටෝ කොපි කොළ, පැත්තේ යන්ත්‍රවලට භාවිත කරන කඩදාසි රෝල්, ෆයිල් කවර, නිවාඩු ඉල්ලුම් පත්‍ර, වවුචර්පත් දැනට හිඟව පවතින බවත්, ඉදිරියේදී බිල් පොත්වලත් හිඟතාවන් ඇති වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පවසා සිටියේය. ලිපිද්‍රව්‍ය හිඟය නිසා රාජ්‍ය සේවය පවත්වාගෙන යාම ගැටලුකාරි තත්වයක් ඇති වීමට අමතරව විදුලි කප්පාදුව නිසාත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේදී ගැටලු ඇති වී තිබෙන බවත්, ඉන්ධන හිඟය නිසා රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේදී ප්‍රමාදයන් ඇති වී තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.