harin-fernando-parliament

පාර්ලිමේන්තු සභාවාරයේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා රඹුක්කන සිදුවීම ගැන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එවූ පණිවිඩයක් ගැන හෙළි කල අදහස් මෙසේය.

'' මෙතන පරික්ෂනයක් කරන්නම ඕන ප්‍රශ්නයක් තියෙනවා....මේ පොලිසිය භාර ඇමතිවරයාත් සජබයේ නම කිව්වා මේක සංවිධානාත්මකව කරපු දෙයක් කියලා කිව්වා...මම අද ලංකාවේ ඉන්න උසස්ම නිළධාරියෙක් ටට්ස්ඇප් Group එකක Share   කරනවා මේක Post එකක් මේකේ තියෙනවා රඹුක්කන වෙඩි වැදි මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙලි වෙයි...

චමින්ද ලක්ෂාන් රඹුක්න හිරුවන්කඩුව නාරං බැද්ද ගම්මානය 2007 වසරයේ රඹුක්කන හර්ෂ හෙට්ටිආරච්චි මහතාගේ මරණයට සැකකරු ලෙස බන්ධනාගාරගතව ඇත.කලක් එජාපය ආසන සංවිධායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි සංධීව් සමරසිංහ මහතාගේත් වර්තමාන සජබ රඹුක්කන ආසන සංවිධානයේ සංවිධායක අජිත් සෙනෙවිරත්න මහතාගෙත් ප්‍රබල ආධාරකරුවෙකි...එතකොට ඒකද මරන්න හේතුව....මේක දාලා තියෙන මිනිහා තමයි ප්‍රශ්නේ....මේක දාලා තියෙන්නේ ලංකාවේ හමුදාවේ ඉන්න උසස්ම නිලධාරියෙක්....

නම ඕනනම් කියන්නම් දකුණු අත ගෝඨාභය රාජපක්ෂගේ...වෙන කවුද නම කියන්න බය වෙන්න ඕන නෑ ශවේන්ද්‍ර සිල්වා දාලා තියෙන්නේ....මම අහන්නේ හමුදාවේ නිළධාරියෙක් මේ වගේ ඒවා Share  කරන්න ඕනද ....මිනීමරුවා කියලා නෙවෙයිද මේකෙන් පෙන්වන්නේ....රොෂාන් චානක,ඇන්තනීලා මරපු යුගය අපිට මතකයි...ඒවා අමතක නෑ මේ කිරි බබා ඇමතිවරු ටිකක් ඇවිත්අපිට බොරු බයිලා කියනවා....අපේ ආණ්ඩුව කාලේ මිනිස්සුන්ට කන්න තිබ්බා 375ට තෙල් ගන්න ඕන නෑ...මිනිස්සු ඒකටයි උද්ඝෝෂණ කරන්නේ....තෙල් බවුසරයට නෙවෙයි ගන්න සල්ලි නෑ ඒ මිනිස්සුන්ට...මේක පිටිපස්සේ තියෙන්නේ තනිකරම චමින්ද විජේසිරි මහත්තයා කිව්වා වගේ කපුටාගේ පිහාට්ටක් එල්ලනවා වාගේ බය කරන්න කරපු plan එකක්....මේච්චරයි වෙන්න ඕන අඩුමගානේ වගකීම අරගෙන ඇමතිවරයා , එහෙම නැත්තම් පොලිස්පතිවරයා ඉල්ලා අස් වෙන්න ඕන.....''