ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් තත්ත්වයට ඇද වැටීමට හේතුව ''උද්දච්චකම'' බව සමගි
ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 6) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
රටේ ජනතාව "නපුංසකයෝ" නොවන බව ත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද "කොයි
වේලාවක හෝ (ජනතාවගෙන්) කන," බව ත් මන්ත්‍රීවරයා එහිදී අනතුරු ඇඟවීය.
තවදුරට ත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට
පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් එකතු නොවීම කනගාටුවට කරුණක් බව ය.
තමන්ගේ දරුවන්ට තමන් මන්ත්‍රීවරයෙකු බව පැවසීම මේ වන විට ලැජ්ජාවට කාරණයක් වී ඇති බව
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා...
"ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතනට වැටෙන්න හේතුව උද්දච්චකම. අර දැක්කනේ ජොන්ස්ටන්
ප්‍රනාන්දු මහත්තය කිව්වේ, නෑ යන්නේ නෑ... උඹලා පුළුවන් නම් ඕනේ දෙයක් කරපන්... දැන් මේ
රටේ මිනිස්සු නපුංසකයෝ ද? එහෙම වෙන්න බෑ නේ. දැන් ජොන්ස්ටන් මහත්තයා කන්නේ නැද්ද කොයි
වෙලාවක හරි? කනවා ම නේ. ඊට පස්සේ කියනවා ඔන්න මේ මර්දනය කිය කියා. කට වහගෙන මේ
මිනිස්සු ඉල්ලන දේ දැනගන්න ඕනේ. අපිට ගෙදර යන්න කියනවා නම් අපි යන්න දැන ගන්න ඕනේ. මොකද
මිනිස්සු නම් අපිව පත් කළේ මිනිස්සු යන්න කියනවා නම් අපි යන්න ඕනේ.
හැබැයි දැන් මාස 6ක් අවුරුද්දක් අපි මේ රට මෙහෙම අත් හරිනවා ද? මේ මාස 6ක් අවුරුද්දක්
ඡන්දයක් එනකම් අපේ විපක්ෂයේ ඉන්න දේශපාලඥයෝ කර අරිනවා නම්, මම ඒ ගැන ලැජ්ජ වෙනවා.
අම්මපා ලැජ්ජා වෙනවා. මොක ද මේ වෙලාවේ අපිට වගකීමක් තියෙනවා. ජනාධිපති ඇරියා. හැබැයි
කියන්නේ නෑ අපිව ඕනේ කියලා. විසඳුමක් දෙන්න වෙන කණ්ඩායමකට දෙන්න කියලා කියනවා. සජිත්
මහත්තයා හරියට එයාගේ රාජකාරිය කරයි. අනුර කරයි.
හැබැයි මම කියන්නේ කණ්ඩායමක් හදා ගන්න.
මම තාම කියන්නේ, එකෙක් නැත්නම් හර්ෂ ද සිල්වාව ජනාධිපති කරන්න. ආර්ථික විශේෂඥයෙක්. මේ
වෙලාවේ යමක් කරන්න පුළුවන්. මිනිස්සු පොඩ්ඩක් පිළිගන්නවා. තරුණයින්ගේ සිතුම් පැතුම් තේරෙනවා.
ඔක්කොට ම වඩා ඕනේ මේ රට එක තැනකට පාරකට ගේන්න. ඒ පාරකට ගන්න මධ්‍යස්ථ මිනිහෙක් එන්න
ඕනේ. ඉතින් මේකට ජනාධිපතිතුමා කැමති ත් නෑ. අගමැතිතුමා කැමති ත් නෑ. කබිනට්ටුවකුත් නෑ. ඉතින්
කොහොම ද මේ රට දුවන්නේ?
දේශපාලනය කරන අපිට ඔබ තුමාට මට, අපේ දරුවන්ට ලජ්ජයි තාත්තා මන්ත්‍රී කෙනෙක් කියන්න.
ඇයි? පාරේ යන උන් මන්ත්රීලාට කියන කතා. අදවත් අපිට බැරි නම් මේකේ ගරුත්වය හදන්න, අපි
හැදෙන්නෙත් නෑ, රට හැදෙන්නෙත් නෑ.
මම ආදරෙන් කියනවා ඉස්සරහට ලංකාවේ දේශපාලනය වෙනස් විය යුතුයි. කැබිනට්ටුවක් පත්වෙනවා
නම්,
ඒකෙන් 50%ක් අඩු ම ගානේ අවුරුදු 50ට අඩු මිනිස්සු වෙන්න ඕනේ. ඉතුරු 50% ජ්‍යෙෂ්ඨයෝ වෙන්න
පුළුවන්. විශ්‍රාම යන්න අනේ දෙයියනේ 60 බැරි නම් 70 හරි ගෙදර පලයල්ලා. තරුණයෝ, ඉගෙන ගත්ත
මිනිස්සු අලුත් concept එකක් මේ රටට ඕනේ. ඒක තමයි system change කියන්නේ. ඒ system
change මේගොල්ලෝ කළේ නෑ. ඒකයි මිනිස්සුන්ගේ වෛරය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතක තියාගන්න
225න් කෙනෙක් නේ. මිනිස්සු කියනවා 225 ම එපා පිටින් ගේන්න ඕනේ කියලා. පිටින් ගෙනල්ලා තමයි
නෑවේ. ඒක තමයි මම කියන්නේ, දේශපාලන අඩු ම ගානේ ප්‍රාදේශීය සභාවකවත් හිටපු මිනිහෙක් වෙන්න
ඕනේ දේශපාලනය තුළ දේශපාලනය තේරෙන්න."
0 Comments