harsha-de-silva-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා ඊයේ දිනයේ රඹුක්කනදී නිරායුධ වැසියන් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනේ මෙසේය.

'' රඹුක්කන නිරායුධ අහිංසක විරෝධතාකරුවන්ට ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිතුමාගේ රජයේ පොලිසිය විසින් ඒ කරපු ප්‍රහාරය අපි පිළිකුලෙන් හෙලා දකිනවා...අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය සියලුම පුද්ගලයන්ට තියෙනවා විරෝධතාවයක් කරන්න....හැබැයි රජයට කිසිම අයිතියක් නෑ ඒ විරෝධතාවයට ඉදිරිපත් වෙන ජනතාවට වෙඩි තියලා මරලා දාන්න...ලේ විලක් කරන්න කිසිම අයිතියක් රජයේ නිලධාරින්ට පොලිසියට අයිතියක් නෑ....



අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ...මිනිස්සු කියන්නේ ඔවුන්ට ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය කරලා දෙන්න...අද උදේ පෙට්ට්‍රල් රුපියල් තුන්සිය ගානකට ඉහල ගියා,පාන් රාත්තල රුපියල් 30කින් ඉහල ගියා,බස් ගාස්තුව ඉහල යනවා..තේ එකක් රුපියල් 100ක්, පරිප්පු කිලෝ එකක් රුපියල් 500ක්,.. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ...මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නිසා තමයි මිනිස්සු අරගල කරන්නේ...

අපි හිතමු ඒ අරගල කරපු අය රජයේ දේපල හානි කරා කියලා එහෙමත් නැතිනම් පොලිසියට ගලක් ගැහුවා කියමු එහෙමනම් ඒ අයව අත්අඩංගුවට ගන්න ඕන ඒක තමා නීතිය... LIVE BULLET දාලා මිනිස්සුන්ට වෙඩි තියන්න බෑ...අපි දැක්කනේ රතු පස්වල මේ දේ උනා එක පාරක් අපි හිතුවා රජය වෙනස් උනා කියලා...



අපිට කිව්වා අපි නැවතත් මේ වගේ දේවල් කරන්නේ නෑ,අපි උත්ඝෝෂකයන්ට වෙඩි තියන්නේ නෑ,ඒ  උනාට මොකක්ද මේ කලේ....තමන්ගේ නොහැකියාව නිසා රට විනාශ කරලා ආර්ථිකය කඩලා දාලා මිනිස්සුන්ව පාරේ ඩීසල් පෝලිමේ මැරෙන තත්වෙට ගෙනල්ලා ජනතාවගේ විරෝධය දක්වන්න දෙන්නේ නැත්තම් මේකේ කෝ ප්‍රජාතන්ත්‍රවාදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියන්න තියෙන්නේ ඔබතුමාට දැන් ඉල්ලා අස් වෙන්න කාලේ ඇවිල්ලා තව දුරටත් මේක කරන්න හැකියාවක් ඔබට නෑ..

තවත් මිනි මරන්න අවස්ථාවක් නොදි , තව එක පුද්ගලයෙකුගේවත් ජීවිතය කෙලසන්නේ නැතුව කරුණාකරලා  මේක දාලා ඉල්ලා අස් වෙලා ඔබතුමා යන්න...''