imran-khan-defeat

පකිස්තානයේ අගමැති ඉම්රාන් කාන් පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් පරාජය වන්නට ආසන්න අවස්ථාවේ ඔහු සිය නියෝජ්‍ය කතානායකවරයෙකු ලවා විශ්වාසභංගය ඉවතට විසිකරවා ඒ සමගම පකිස්තානු ජනපති ලවා පාර්ලිමේන්තුව විසිරෙව්වෙය.


මේ හේතුවෙන් ඔහුගේ අගමැති තනතුර ආරක්ෂා වන සෙයක් පෙන්නුම් කළද ලෝකයේ 5 වන වැඩිම ජනගහණය වාසය කරන පාකිස්තානය අනවශ්‍ය විශාල මහමැතිවරණයකට තල්ලු කළේ තනතුරක් වෙනුවෙනි.

නමුත් පාකිස්තානු අගමැතිවරයා පරාජයෙන් බේරෙන්නට යෙදූ උප්පරවැට්ටිය එරට ශ්‍රේෂ්ඨාධීකරණය තේරුම් ගත් අතර එහිදී එය ආපස්සට හරවා තිබේ. ලබාගත් තීරණ අහෝසි කර
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ලබන සෙනසුරාදා ජාතික සභාවේදී පවත්වන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. මන්ත්‍රීවරුන් 342ක් සිටින ජාතික සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව 172කි. අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය මෙයින් බොහෝ දුරස් ය.

ඔවුන්ට මන්ත්‍රීවරුන් 142 දෙනෙකුගේ සහය හිමිව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් 199 දෙනෙකු සිටිති. එවැනි තත්ත්වයක් තුළ ඉම්රාන් ඉවත්වීමත් විපක්ෂ පෙරමුණ බලයට පත්වීමත් ස්ථිරයි. එහෙත්, විචාරකයින් පවසන්නේ පාකිස්තානය තවදුරටත්අස්ථාවර බවයි.නව රජය දුර්වල පදනමකින් යුක්ත වනු ඇතැයි පැවසේ. එනිසා ආසන්න කාලයේ මහමැතිවරණයකට අතවනනු ඇතැයි පැවසේ.