අද (3) ඉරිදා පාකිස්තාන අගමැති ඉම්රාන් කාන්ට විශ්වාසභංගයෙන් පැරදී ගෙදර යන්නට සිදුවනු ඇති බවට වාර්තා පළවූ නමුත් ඔහු යෙදූ උපායයන් සාර්ථකවූ අතර අවසානයේ විශ්වාසභංගය ඉවතට විසිවී ගොස් පාර්ලිමේන්තුව විසුරුවීමට කරුණු යෙදිණි.
පාකිස්ථානයේ පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාවේ අද විශාල පෙරළියක් සිදුවිය. විදේශ කුමන්ත්‍රණ චෝදනා කරමින් 5 වැනි වගන්තිය යටතේ ඉම්රාන් කාන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කළේය. මේ සමග ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා ජාතික සභාව විසුරුවා හැරියේය. දැන් දින 90ක් ඇතුළත පකිස්ථානයේ මහ මැතිවරණය පැවැත්විය යුතුය. එතෙක් ඉම්රාන් භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
විශ්වාසභංගය ප්‍රතික්ෂේප වීමට පෙර අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මේරියම් නවාස් කෝපයට පත් විය. ඇය ඉම්රාන් ඛාන් පිස්සෙක් ලෙස හැඳින්වූවාය. ඔහුට දඬුවම් නොකළහොත් කැලෑ රාජ්‍යයක් රටේ පවතිනු ඇති බවට මරියම් පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෙල්ලම් කරන්න කාටවත් ඉඩක් නැතැයි ඇය කිව්වාය.
ඉම්රාන් ඛාන් සියල්ල සිදුවූ පසු අද ජාතිය ඇමතීය. ඔහු කියා සිටියේ- 'යුක්තිය වෙනුවෙන් අපි ජනතාව අතරට යනවා. ඉදිරි මැතිවරණයට සූදානම් වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත සමාජයම පාවාදීමට උත්සාහ කරමින් තිබුණා. තව ටික කාලෙකින් පකිස්ථාන හමුදාවත් මේ සම්පූර්ණ සිද්ධිය ගැන ප්‍රකාශයක් නිකුත් කරනු ඇති.‘ යනුවෙනි.
0 Comments