ඉම්රාන් කාන් අගමැතිවරයාට එරෙහිව බ්‍රහස්පතින්දා පකිස්ථාන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නොහැකි විය. ඝෝෂාකාරී තත්ත්වයෙන් පසුව රැස්වීම අප්‍රේල් 3 වැනිදා දක්වා කල් තැබිණි. මේ අතර, විපක්ෂයේ චෝදනා සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ උපදේශක සහ සමීපතම මිතුරෙකු වන ෂාබාස් ගිල් පැවසුවේ - ඉම්රාන් ලන්ඩනයට පළායන්නට මෝඩයෙකු නොවේ. ඔහු ක්‍රීඩකයෙක්, තරඟ කරන්න දක්ෂයි. පරාජය දැක දුවන්නේ නැත... යනුවෙනි.
විවාදය සඳහා ඡන්දය ප්‍රකාශකළ හැක්කේ ඉරිදා පමණක්ය. කතානායක මෙයට බාධා ඇති කළොත් විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යන අතර එවිට ප්රශ්නය කල් දාන්නට හැකි බවට අදහස් පළව තිබේ. ඉම්රාන්ගේ රජයට ද අවශ්‍ය වී ඇත්තේ ඔවුන් අන්ත පරාජයක් දකින නිසා කෙසේ හෝ ඡන්දය කල් දැමිමය. විපක්ෂයටත් ආණ්ඩුවේ උපායමාර්ගය වැටහී ඇති අතර ඡන්දය ගැන පමණක් අවධාරණය කර තිබේ. ඉරිදා කලබලයක් වුණොත් පාර්ලිමේන්තුව තුළම විශාල ප්‍රතිරෝධයක් ගොඩනගන්නට ඔවුන් සූදානම් කර ඇත.
මේ අතර ඊයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ නියමිත වේලාවෙන් පැයකට පමණ පසු ඉම්රාන් ජාතිය අමතා කතා කළේය.
කාලයෙන් අඩක් ගත කළේ ආගමික කටයුතුවලටය. දෙවතාවක් ඉන්දියාව ගැනත් වරක් අගමැති නරේන්ද්‍ර මෝදි ගැනත් සඳහන් කළේය. විපක්ෂ ප්‍රබල නායකයින් තිදෙනෙකු වන ෂාබාස් ෂරීෆ්, අසීෆ් අලි සර්දාරි සහ මවුලානා ෆසාල්-උර්-රෙහ්මාන් ‘මීයන් තිදෙනෙකු‘ ලෙස අගමැතිවරයා හැඳින්වීය.
0 Comments