kal-eliya-arrack

කල්එළිය, වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවෙසක් පිටුපස නිධානයක් හැරිම සඳහා ශාන්තිකර්ම සිදු කරමින් සිටි බව කියන කපුවකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග පෙරේදා 6 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ යුවළක හා නිවැසි කපුවා හා තවත් පුද්ගලයෙකි.

ගාල්ලේ තැනැත්තා පස්යාලේ හෝටලයක නැවතී සිටිමින්  කපුවාගේ සහායකයා ලෙස කටයුතු කර ඇතැයිද හෙළිවී ඇත.වැඩහමුල්ලේ නිවෙසක හොර රහසේ නිදන් හෑරිමක් සිදුවන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇතැයි පොලිසිය කියයි.උප පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ හා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පොලිස් පිරිස එහි යන අවස්ථාවේදී නිවෙස පිටුපස අඩි දොළහක් පමණ ගැඹුරැති වළක ගල් තට්ටුවක් මත සැකකරුවන් පුද පූජා පවත්වමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

අසල්වැසි නිවසේ කිසිවකුටත් හොර රහසේ මෙම සැකකරුවන් ම

ෙම කටයුත්තේ යෙදී ඇතැයිද මල්බුලත් තටු, දෙහි, මල්වැල්, පොල්, කඩුවක්, ත්‍රිශූලයක්, කුළුගෙඩි, යකඩ ඉනි, ගල්කටු, උදළු, වතුර මෝටර් ඇතුළු දේපළ රැසක්ද මේ ස්ථානයේ තිබී තම බාරයට ගත් බව පොලිසිය කීය.  කපුවාගේ දේවාලයේ තිබී බලපත්‍ර නොමැතිව තබාගත් රජයේ අරක්කු බෝතල් දහයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහු  ඒවා හොර රහසේ වැඩි මිලට විකිණීම සඳහා ගෙනවිත් තිබු බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.