බ.ඉ. කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම එක්දින හා විස්සයි20 වත්මන් නායක කිරන් පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව පෙරේදා (20)දා සන්ධ්‍යාවේ නිවේදනය කළේය.
අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් මේ දිනවල ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේදී, සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සිය සමුගැන්ම ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද, ලොව පුරා පැවැත්වෙන ෆ්‍රැන්චයිස් විස්සයි20 සහ දහයයි10 ලීගවල තවදුරටත් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.
"මම හොඳින් සිතා බලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා. අවුරුදු දහයේ ඉඳන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මම සිහින දැක්කා. දැන් වසර 15කටත් වැඩි කාලයක ඉඳන් කොදෙව් එක්දින හා විස්සයි20 කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඒ ගැන මම ආඩම්බර වෙනවා." පොලාඩ් සිය ඉන්ස්ටර්ගග්රෑම් ගිණුමේ සිය සමුගැනීම පිළිබඳ සටහනක් දක්වා ඇත. ලොව සෑම පන්දු යවන්නෙකුම බියට පත්කිරීමට තරම් ප්‍රහාරාත්මක පිතිකරණ හැකියාවක් ඇති පොලාඩ්, විස්සයි20 තරගවල සිය ප්‍රහාරාත්මක බව වැඩි වශයෙන් තහවුරු කර. ඇත. කෙසේ වෙතත් පොලාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සාරාංශ කළහොත්, ඔහු තම කණ්ඩායම අඩු තරග සංඛ්‍යාවක් දින වූ නායකයෙකු ලෙස හැඳින්විය හැකිය.
එමෙන්ම පොලාඩීගේ එක්දින මෙන්ම විස්සයි20 පිතිකරණ සාමාන්‍යය ඇත්තෙක්ද ඉනිමක ලකුණු 30ටත් වඩා අඩු මටිටමකය. 2007 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් මේ වන විට 34 වියේ පසුවන පොලාඩ්, එක්දින තරග 123කදී ලකුණු 2,706ක් හා විස්සයි20 තරග 107කදී ලකුණු 1,569ක් රැස් කරගෙන සිටියි. ඊට අමතරව දකුණත් මඳ වේග පන්දු යවන්නෙකුද වන ඔහු, එක්දින කඩුලු 55ක් සහ විස්සයි20 කඩුලු 42ක් දවා ගැනීමටද සමත්ව ඇත. ජාත්‍යන්තර හා ග්රැන්වයිස් තරගවල වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවන පොලාඩ් (11509), ක්‍රිස් ගේල් (14562) හා ෂොයිබ් මලික්ට (11698)ට පමණක් පිටුපසින් සිටියි.
ක්‍රීඩාංගණයෙන් එළියට දැවැන්ත පහරක් එල්ල කිරීමට තරම් ශක්තියක් ඇති පොලාඩ්, ලොව දිගුම හයේ පහර එල්ල කළ පිතිකරුවන්ගෙන් අයෙකුද වෙයි.
එක්දින තරගවල හයේ පහර 135 (4-171ක්, විස්සයි20 තරගවල හයේ පහර 99 (4-94)ක් හා අයි.පී.එල්. තරගවල හයේ පහර 220 (4-217)ක් සමගින් දේශීය තරග දක්ෂතාව අනුව ඔහු හයේ පහර 770ක් එල්ලකර ඇත. 2012 විස්සයි20 ලෝක කුසලානය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකුද වන පොලාඩ්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ වඩාත් සුවිශේෂී කඩයිමක් ලෙස 2021 වසරේ ශ්‍රී ලංකාව සිදුකළ කොදෙව් සංචාරය සැලකිය හැකිය.
එහි විස්සයි20 තරගාවලියේ එක් තරගයකදී අකිල ධනංජයට හයේ පහර 06ක් එල්ල කිරීමට පොලාඩ් සමත් වූ අතර, හර්ෂල් ගිස් සහ යුවරාජ් සිංගෙන් පසුව එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා බවටද ඔහු පත්විය. කෙසේ නමුත් සමුගන්නා තෙක්ම ඔහු ඒකඳු ටෙස්ට් තරගයකට හෝ පොලාඩ් ක්‍රීඩාකරන නොතිබූ අතර, එය සැලකෙන්නේ එක්දින හා විස්සයි20 ජාත්‍යන්තර තරග 100කට වඩා ක්‍රීඩාකර, එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා නොකළ ලොව පළමු පිතිකරුවා ලෙසිනි.
(විශ්ව මුදියන්සේ)
0 Comments