නව ලිබරල් ආර්ථිකය දශක ගණනාවක් මේ රටේ ජනතාව ඇදලා දාපුප්රපාතය තේරුම් ගත් ජනතාව දුර්දාන්ත පාලනය එළවා දැමීමට පාරට බැස දශක ගණනාවක සිද්ධ නොවූ දෙයක් සති කීපයකදී දිගහැරෙන බවත් ආණ්ඩුව ඇදිරිනීතිය පැනවුවද ජනතාව එය තුට්ටුවකට මායිම් නොකර පාරට බැස ඇඳිරි නීතිය පරාජය කළ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.
වැඩ කරන ජනතාව පමණක් නොව මැද පන්තියේ ජනතාව, සුළු ව්‍යාපාර කරන ජනතා එකතුව මහා විරෝධතාවක් රටපුරා ක්‍රියාත්මක කරමින් සිටින බව කී ගුණරත්නම් මහතා මෙය ගෝඨා ගෙදර ගිය පමණින් වෙනස් වන ප්‍රශ්නයක් නොව ගෙවිච්ච අවුරුදු 45 තුළ විවෘත ආර්ථිකයේ සහ වසර 74ක ධනේෂ්වර පාලනය තුළ ගොඩනැගුණු ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.
ජනතාව දේශපාලනය නොකර කාට හෝ ඡන්දේ දී පැත්තකට වීමෙන් පසුව ඒ ඡන්දයෙන් පත්වන පාලකයන් ප්රජාතන්ත්රවාදය අහිමි කරමින් ජනතාවට එරෙහිව කටයුතු කරන බවත් ඡන්දදායකුගෙන් එහාට ගිය දේශපාලනය සඳහා ජනතාවට ආරාධනා කරන බවත් ගුණරත්නම් මහතා කීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨ පරාජයක්- නොමියෙන අරමුණක් යන තේක්ෂාව යටතේ කළුතර නගර ශාලාවේදී පෙරේදා (5) පැවැත්වූ 51වැනි අප්‍රේල් විරු සමරු උත්සවයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා එසේ පැවසීය.
0 Comments