lawyers-protest-condemned

පසුගියදා නීතීඥවරුන් පිරිසක් විරෝධතාවයක් පවත්වමින් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි ලෙස බලපා ඇති ඇතැම් නඩු ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා ගත් පියවර සහ භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.



මෙලෙස පැවැත්වූ විරෝධතාව "වෘත්තීය විරෝධී සහ සදාචාර විරෝධී" හැසිරීමක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය හෙළා දැක තිබේ.
 නීතිඥවරු විශාල පිරිසක් අප්‍රේල් 05 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම විරෝධතාවයෙහි නිරත වූහ.

සිකුරාදා (අප්‍රේල් 08) නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ මෙම නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවයි.



නීතිපතිවරයාට සහ දෙපාර්තමේන්තුවට අදාළව කරන ලද “පදනම් විරහිත චෝදනා” සහිත බවත්ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් දන්වා ඇත.

“නීතිඥ කණ්ඩායමේ වෘත්තීය විරෝධි සහ සදාචාර විරෝධී හැසිරීම් සහ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය හරහා කිසිදු පදනමකින් තොරව සහ නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව සංගමය සිය දැඩි කනස්සල්ල නැවත අවධාරණය කරයි." එහි දැක්වේ.



නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් වැඩිදුරටත් නීතිපතිවරයාට සිය සහයෝගිතාව පළ කළහ. “තමන්ගේ නිල රාජකාරි ඉටු කිරීමේදී කිසිදු අනුග්‍රහයකට බියකින් තොරව සෑම විටම නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කළ නිල නීතිඥ සාමාජිකයින් ලෙස සාමාජිකත්වය ඕනෑම අභියෝගයකට මුහුණ දෙනු ඇත.ඔවුන් දන්වා ඇත.