ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ දරුවා සහ ඇයගේ දෙමාපියන් ඇතුළු පිරිසක් අද (03) උදෑසන රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ පිලිබඳ වාර්තාවක් පළ කරන ඩේලි මිරර් වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බව දන්වා ඇත.
ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් මාලදිවයින හරහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බවට ආරංචි පළව තිබේ. මෙම ගමන හදිසි සැලසුමක් අනුව සිදු කළ එකක් බවටද වාර්තා පළව තිබේ.
(facebook.com/uduwaragedara)
0 Comments