mahinda-gotabaya-namal-mirihana

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ වෙන් වෙන් වශයෙන් අද (01) උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, මිරිහානේ පිහිටි නිවසට ගොස් තිබේ. සිදුව ඇති හානි නිරීක්ෂනය කිරීම හා සිය ඥාතියාගේ සිත සැනසීම එම ගමනේ අරමුණ බව පැවසේ.


ඊයේ මෙම විරෝධතා සිදුවන අවස්ථාවේ ජනපති ගෝඨාභය නිවසේ නොසිටි බවද වාර්තා කර තිබුණි.

3000 ක පමණ පිරිසක් පැමිණ මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ සිදු කළ විරෝධතාවයෙන් අනතුරුව කාන්තාවක ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කැරළිකරුවන් 09 ක් හා පොලිස් නිලධාරීන් 05 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇත.
පොලිසියට අයත් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදි දෙකක් සහ ජල ප්‍රහාරක රථයකට ද මෙහි දී හානි සිදුවිය.